කටාන විවිධසේවා සමුපාකාර සමිතිය විසින් සහන මිළට සහන මල්ලක් සිය ප්රදේශයේ ජනතාවට ලබාදිම ආරම්භ කර තිබේ.ඒ සදහා මේ වන විට ජංගම රථ 5ක් යොදවා ඇතැයි එහි සභාපති ගවේෂ මහතා මිපුර කළ විමසිමකදි කියා සිටියේය.පෙරේදා (26)ඇරඹි මෙම සද්කාර්ය අද දිනය පුරාවටද ක්රියාත්මකය.අද පෙ.ව 8.30 සිට මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක විමට නියමිතය .තිඹිරිගස්කටුව,හරිස්චන්ද්රපුරය,දොස්තරවත්ත,කදිරාන යන ප්රදේශ අද දිනය තුල ආවරණය කිරිමට නියමිත අතර මේ ජංගම රථ තුලින් රු 350 ක සහන මිළට එළවළු මල්ලක්,සහ රු600ට සහ රු 700ට වියළි ආහාර මල්ලක් ලබාගැනිමට ඉඩකඩ සපයා දි තිබේ.