”ෂු ඩෝල්” මත්පෙති විකුණු හොර වෙදා ගැන කටාන MOH මුකුත් නොදනි.

0
532

හොර වෙදුන් වැඩියෙන්ම සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ  යැයි පසුගිය දිනවල පුවතක් පළවිය.එයිනුත් වැඩිදෙනෙක් මීගමුව හා කටුනායක ප්‍රදේශවලද සිටිය හැක.
පසුගිය දිනක මෙවන් හොර වෙදෙකු පොලිසිය විසින් අල්ලා ගැනුනේ තරුණයන් හට මත්පෙති විකිණිමේ ජාවාරමක් මීගමුව අක්කර 50 ප්‍රදේශයේ කරගෙන යමින් සිටියදිය.
පොලිසිය විසින් මේ ස්ථානය උපායදුතයෙක් යවා වැටලිම සිදුකරන අවස්ථාවේ එහි මත්පෙති සහ ගබ්සා කිරිමට සදහා යොදාගනු ලබන උපකරණ ද සොයාගෙන ඇතැයි වාර්ථා වේ.
අත්අඩංගුවට පත් ව  දැනට රක්ෂිත බන්ධානාගාර ගතකර ඇති අතර මේ තැනැන්තාගේ බිරිඳගෙන් අප විමසා සිටියේ තමන්ගේ ස්වාමිපුරුෂයා ආයුර්වේද වෛද්‍යරවයකුද කියාය. එහෙත් ඇය පවසා සිටියේ තමන් ඒ ගැන නොදන්නා බවයි.
කිසිදු වෛද්‍යමය සුදුසුකමක් නැති මේ තැනැත්තා වසර 5 ක පමණ කාලයක සිට තරුණයන් මේ ස්ථානය යොදාගෙන අලෙවි කර ඇත්තේ දරුණුම තත්වයට පත්ව සිටින පිළිකා රෝගින් සදහා ලබාදනෙ වේදනා නාශයකයක් වන ෂු ඩෝල් යන ඔෘෂධයයි. දැනට පුද්ගලික පාමසි වල පරිහරණයෙන් ඉවත් කර ඇති මේ ඔෘෂධය අත්‍යවශ්‍යම  රෝගියෙක් හට ලබාගත හැකිව ඇත්තේ රාජ්‍ය ඔසුහල් වලින් පමණි. එහෙත් මේ හොර වෙදා මේ පෙති තොග ගණනින්  මේ පළාතේ තරුණයන් වෙත ලබා දි තිබුණි.
මෙවන් විනාශකාරි වංචනිකයන් සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කළ යුතුව ඇති කටාන සෞඛ්‍ය වෙවද්‍ය නිළධාරියාගෙන් මේ ගැන විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ තමන් මේ ගැන කිසිවක් නොදන්නා බවය.
ඔහු එසේ පවසන්නේ මේ සිදුවිම සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රචාරයක් පවා ලැබි තිබියදිය.
නිතියේ ආධිපත්‍ය බිදවැටුන සමාජයක රාජ්‍ය යන්ත්‍රය පවා අද වැටි තත්වය මෙයයි.