හදවත් ඇති සැමගේ සහය මේ දුෂ්කර අවස්ථාවේ මිගමු රෝහලට අවැසිව තිබේ !

0
58

NGB hospital 1රටම පත්ව ඇති මේ දුෂ්කර මොහොතේ මීගමු රෝහලද සිය කාර්ය භාරය නොපිරිහෙලා ඉටුකරන්නට ගැටළු රාශියක් මධ්‍යයේ වුවද මැදිහත්වෙමින් සිටී.දැනට එහි ක්‍රියාත්මක කොරෝනා සැක සහිත රෝගීන් වෙනුවෙන් වු වාට්ටු ගණන දෙකකි.තෙවැනි වාට්ටුව රෝහලේ මහල් ගොඩනැගිල්ලේ මේ වන විට වැඩ නිමවි  ඇති බැව් සැලය.
එහි රෝගීන් 20 දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර කිරිමට අවස්ථාව ඒ අනුව සැලසේ.
කොරෝනාදැයි සැකසහිත රෝගින් සමඟින් වැඩකරන රෝහල් කාර්යමණ්ඩලය සැබැවින්ම කරගෙන යනු ලබන්නේ අභියෝගාත්මක මෙහෙවරකි.එවන් පසුබිමක ඒ අයට තවදුරටත් අවැසි මුලික පහසුකම් පිළිබදව සොයා බලා ඊට සම්මාදම් විම මිගමුවේ හදවත් ඇති සැමගේද වගකීමකි.
ආරක්ෂිත ඇඳුම් කට්ටලය ඇඟලාගත් පසු කැන්ටිමකටවත් යා ගතනොහැකි මේ අයට තේ සහ කෙටි ආහාර වල අවශ්‍යතාවක් බරපතල ඇති බව දැනගැනිමෙන් පසු ඒ සදහා වැඩපිලිවෙලක් සැකසිමට මිපුර අපට හැකි විය.
ඒ අප වෙබ් අඩවිය හා කවදත් සහෘදව කටයුතු කරගෙන යන හිතවතුන්ගේ සම්මාදම්විම තුලය.
ඒ වෙනුවෙන් වන බරපැන වලට මාබිම ආයතනයේ  සුජිත් මහතා  දායකත්වය සැපයු අතර ඇඳිරි නීතිය පැනවිමෙන් පසු එසේ කෙටි ආහාර සපයා ගැනිමට කිසිදු බේකරි ආයතනයක් විවෘතව නොපවතිද්දි ඒ වගකීම කරට ගෙන ඒ අහාර සකසා රෝහලට උදේ සවස ගෙනවිත් දිමේ වගකීම දැනට සතිදෙකක කාලයක් පුරාවට කරගෙන යාමට මිපුර වෙබ් අඩවියේ තවත් සහෘදයෙකු වු දොස්තර හෙන්රි රොසයිරෝ විසින් භාරගති.⁣
මේ කටයුත්තට දායකවිමට කැල්ටන් ආයතනයේ රොෂාන් මහතාද මෙන්ම නයෝමි ආයතනයේ නිශාන්ත මහත්තාද සිය කැමත්ත පළකරමින් දායකත්වයන් අරභා තිබේ.
ඉදිරියේදි රන්කා අයාතනයද ඊට දායකත්වය දිමට සුදානම් බව බුද්ධික මහතාද අප වෙත දැනුම් දි තිබේ.
එමෙන්ම ඇපලෝ ආයතනයේ මොහාන් මහතා වාට්ටුවලට ඇවැසි උපකරණ කිපයක් ලබාදිමට දැනටමත් කැමැත්ත පළකර ඇත.මේඅතර පමුණුගම YMCA ආයතනයද  රෝහලේ කාර්ය මණ්ඩලය සදහා අවැසි ආරක්ෂක ඇදුම් කට්ටල සැකැසිමට අවැසි අමුද්‍රව්‍ය ලබාදිමට පියවර ගෙන තිබුණි.
මේ ආකාරයෙන්ම අප 2017 දිද  මීගමුව තුල ඩෙංගු වසංගත තත්වයක් මතු වු විටද මිපුර වෙබ් අඩවියට කවදත් ලැදිව කටයුතු කළ විශාල පිරිසක්ගේ තීරාණාත්මක දායකත්වයක් මිගමුව රෝහලට එක්කර දෙන්නට පියවර ගතිමු.
ඒ සියල්ලේ ප්‍රයෝජනය අදටත් මිගමුව රෝහල⁣ට අස්වැසිල්ලකි.
මේ අනුව අප ඉදිරියේදි හැකි පමණනින් ඒහා සම්බන්ධ වන්නෙමු .
දැනටමත් රෝහලේ කොරෝනා වාට්ටුවලට ඇවැසි අඩුපාඩු කිපයක්ම වන බවද වාර්ථා වේ.
හදවත් ඇති සැමටද අප ඇරයුම් කර සිටින්නේ මහත් කැපවිම් කරමින් අවදානම් කාර්යයක නිරතවන රෝහල් කාර්ය මණ්ඩලයටද හයියක් වෙමින් ඒ අයගේ අවැසිතා ,ඒ වාට්ටුවල මුලික පහසුකම් පිළිබද කරුණුද සැලකිල්ලට ගෙන හෙටට කල් නොදමා අදම අවැසි දායකත්වයන් සදහා එක්වෙන ලෙසය.