කොරෝනා මර්දනය මුවාවෙන් ආණ්ඩුව මැතිවරණ ප්‍රවර්ධනයේ -රාවය

0
104
sharethis sharing buttonmessenger sharing button
රැකියා විරහිත උපාධිධාරීන්ට අභ්‍යාසලාභී පත්වීම් ලබා දීම නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමකට බාධාවක් වන බැවින් එය තාවකාලිකව

අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබුණ ද කොවිඩ් තත්ත්වයට මුවා වී ඔවුන් බදවා ගැනීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරු, සියලු ප්‍රාදේශීය ලේකම්වරු වෙත 2020.03.26 දින අංක 12/2020 චක්‍රලේඛය නිකුත් කරමින් සදහන් කරන්නේ, එම උපාධිධාරීන් කොරෝනා මර්දන වැඩසටහනට සහය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය එකගතාවය පළකර ඇති බව ය.

පවතින කොරෝනා වෛරසය මැඩලීමට සහය වීම පිණිස දැනට සේවයට වාර්තා කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත අනුයුක්ත කරන ලෙස එයින් දන්වයි.

සියලු ප්‍රාදේශීය ලේකම්වරු විසින් තම ප්‍රා. ලේ. කොට්ඨාසයට පුහුණුව සදහා අනුයුක්ත කළ උපාධිධාරීන් කැදවා ඔවුන්ගේ උපාධි සහතික හෝ සුදුසුකම්ලත් සහතික වල මුල් පිටපත් සමග සසදා බලා තහවුරු කරගැනීමටත් පුහුණුව අඛණ්ඩව පවත්වාගෙන යන අභ්‍යාසලාභීන්ගේ දීමනා අප්‍රේල් මස සිට ආදාල බැංකු ගිණුම් වලට බැර කිරීමට කටයුතු කරන ලෙසත් එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සදහන් ය.

”මැයි 31 දිනට පෙර මැතිවරණය පැවැත්වුවහොත් මැතිවරණ නීතිය යටතේ මෙම පත්වීම් ලබාදීම නීතිවිරෝධී බව අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම පැවසුවේ ය.’

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020.03.25 දිනැතිව අංක PE1/INFO/2020 දරණ ලිපිය මගින් ජනාධිපති ලේකම් වෙත උපදෙස් ලබා තිබුණේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ පත්වීම් මැයි 04 වන දින තෙක් තාවකාලිකව අත්හිටුවා ඇති නිසාත් ඔවුන් මේ වන විට කිසිදු පුහුණුවකට සහභභාගී නොවී නිවෙස් වල කාලය ගතකරන පිරිසක් බැවින් ඔවුන්ට මාර්තු මාසයට වැටුප් ගෙවීම නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමකට බාධාවක් බවත් ය.

එසේම එය කොවිඩ් 19 ව්‍යාපෘතියේ සහන සැලසීමක් ලෙස ද සැලකීමට නොහැකි බවත් ය. මැතිවරණ කොමිෂන් සභාව එලෙස උපදෙස් ලබා දී තිබූ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ලිපියේ ද සදහන් ය.

 

”කොමිෂන් සභාවෙන් විමසීමක් කර නැහැ” – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් අප කළ විමසීමේ දී ඔහු ප්‍රකාශ කළේ, එම පත්වීම් මේ දිනවල සිදුනොකරන්නැයි කොමිෂන් සභාවෙන් උපදෙස් ලබා දී තිබූ බව ය. එහෙත් කොරෝනා මර්දනයට බදවා ගැනීමට කටයුතු සිදුවෙමින් පවතින නමුත් ඒ පිළිබද කොමිෂන් සභාවෙන් විමසීමක් කර නැති බව ය.

මෙම පත්කිරීම් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්ගෙන් විමසූ විටපැවසුවේ ඔහු ඒ ගැන කිසිත් නොදන්නා බව ය.

මැයි 31 දිනට පෙර මැතිවරණය පැවැත්වුවහොත් මැතිවරණ නීතිය යටතේ මෙම පත්වීම් ලබාදීම නීතිවිරෝධී බව අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම පැවසුවේ ය.

(රාවය – ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු/ ඉදුනිල් උස්ගොඩ ආරච්චි)
theleader.lk