ඉතාලියට සහාය දක්වන්න ජර්මනියෙන් දැඩි සත්කාර ඒකකයක් සහිත ගුවන් යානයක්

0
118
germany plane help to corona2

ජර්මනිය සතු පියාසර දැඩි සත්කාර ගුවන් යානය වන එයාර්බස් A310 මාදිලියට අයත් MedEvac ගුවන් යානය COVID-19 ආසාදිත රෝගීන් ප්‍රවාහන මෙහෙයුම් සඳහා එක් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා..

ඒ අනුව ඉතාලියේ සිටින COVID-19 ආසාදිතයන් ජර්මනියේ රෝහල් වෙත රැගෙන ඒම සඳහා මෙම ගුවන් යානය භාවිතයට ගැනීමට නියමිතව තිබෙනවා.

මෙම MedEvac ගුවන් යානය සතුව රෝහල් ඇඳ 44ක් පිහිටුවා ඇති අතර, ඉන් ඇඳන් 16ක් ඉහළ දැඩි සත්කාර සේවා අවශ්‍ය රෝගීන් සඳහා වෙන් කෙරී තිබෙනවා. එසේම මෙම ගුවන් යානය තුළ 25 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක්ද රැඳී සිටිනවා.

මෙම ගුවන් යානයේ දැඩි සත්කාර ඒකකය තුළ ස්වසන ආධාරක උපාංග ඇතුළුව, එහා මෙහා රැගෙන යා හැකි ස්වසන ආධාරක උපකරණ, ඇතුළු සියලු උපාංගවලින් සමන්විත වේ. ඊට අමතරව තවත් අමතර වෛද්‍ය උපාංග රැසකින්ම මෙම දැඩිසත්කාර ගුවන් යානය සමන්විත වන බව ජර්මානු බලධාරීන් පවසනවා.

germany plane to help corona1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here