මීගමුවේ මුන්නක්කරය ප්‍රදේශයේ අලියා පොල භූමියේ ද සවස පැවැත්විමට නියමිත ඇන්ටන් චාල්ස් සහෝදරතුමන්ගේ වේ ප්‍රසංසා කිතුණු ගී ප්‍රසංගය තාවකාලිකව අත්හිටුවන ලෙස මීගමුව පොලිසිය විසින් කළ ඉල්ලිමකට අනුව මීට සුළු වේලාවකට කලින් මීගමුව මහේස්රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා දි තිබුණි.
මීගමුව කලාපිය අනුනායක ගරු පැට්ට්‍රික් පියතුමා විසින් මීගමුව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් ගොනුකර තිබුන පැමිණිල්ලේ සදහන්ව තිබුෙන් ව්‍යාජ යැදුම් මෙහෙයක් පැවැත්විම තුලින් ප්‍රදේශයේ කතෝලික මහජනයා අතර තුල සාමය කඩවිමක් ඇතිවිමට ඉඩ ඇති හෙයින් මෙය පැවැත්විම වලකා ලියු යුතුබවය.
මේ ප්‍රසංගය වෙනුවෙන් සියළු කටයුතු සුදානම් කර තිබුනේ අද සවස වරුවේ පැවැත්විමට වුවත් මේ වන විට අදාල බැනර් කට්අවුට් පොලිසිය විසින් ඉවත් කරමින් තිබෙන බවද වාර්ථා වේ.