සුවය ලැබු ගණන 42 ක් දක්වා ඉහලට !

0
58

1582958900-IDH_Lකොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තවත් සිව්දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වන විට වෛරසයෙන් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටවගොස් සිටින පිරිස 42 කි.

මෙරටින් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමු වූ දින සිට අදට දින 28ක් ගත වී ඇති අතර මේ වන විට වෛරස් ආසාදිතයින් 180 දෙනකු හඳුනාගෙන තිබේ.