අඟුරුකාරමුල්ල මහා පන්සලේ විහාර මන්දිරය ප්‍රතිනිර්මාණ කෙරේ.

0
1131


මිගමුව, අගුරුකාරමුල්ල මහා පන්සල හෙවත් බෝධීරාජාරාමයේ  විහාර මන්දිරයේ ඇති බොහෝ වටිනා චිත්‍ර සහ මුර්ති නිර්මාණයන් විනාශයට යමින් තිබිණි. මෙම විහාරස්ථානය මෙරට පමණක් නොව විදේශයන්හී පවා ප්‍රකට වීමටත් එහි කිර්ති නාමය පතල වීමටත් මුල් වු මෙම විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කිරිම ඉතාම දුෂ්කර වු කාර්යයකි. එලෙස එම කාර්්‍යභාරය,  වර්තමාන විහාරාධිපති කොන්දගම්මුල්ලේ ඥාණ ශී්‍ර නායක ස්වාමීන් වහන්සේ මේ වන විට අරඹා තිබේ.   ඒ අනුව විහාරස්ථාන විහාර මන්දීරයේ විනාශයට පත් වී ඇති සහ විනාශ වෙමින් තිබූ සියඵ චිත්‍ර සහ මුර්ති නිර්මානයන් ප්‍රතිසංස්කරණය කිරීම සහ ප්‍රති නිර්මාණය කීරිම මේ වන විට ආරම්භ කර තිබේ. මේ ස`දහා වැයවන අධික මුදල් සම්භාරය සොයා ගැනිමටත් වඩා දුෂ්කරතාවයකට පත් වී තිබුනේ සුදුසුකම්ලත් පාරම්පාරික  විහාර චිත්‍ර ශිල්පීන් සහ මුර්ති ශිල්පින් සොයා ගැනීමය. එහෙත් මේ වන විට ඒ ස`දහා  පාරම්පරික විහාර චිත්‍ර නිර්මාන ශිල්පියෙකු සහ මුර්ති නිර්මාණ ශිල්පියෙකුගේ දායකත්වයෙන්  එම කාර්්‍ය භාරය සිදු කෙරෙමින් පවතී.
දිගින් අඩි 103 ක් පළලින් අඩි 38 ක් වු මෙම විහාර මන්දීරය ඇතුඵ මාලය සහ පිට මාලය යනුවෙන් කොටස් 02 කට වෙන් කෙරේ. පිට මාලය සහ සිවිලිම ඇතුඵ සෑම පෘෂ්ඨයකම අඹන ලද රූප වලින් හා සිතුවම් වලින් පරිපු්ර්ණ වී ඇත. මෙම විහාර මන්දීරය තුල සිතුවම් කරන ලද හෝ අඹන ලද මුර්ති ිනිර්මාණයන් නොකල අගලක ප්‍රමාණයක හෝ වපසරියක් නොමැත. අගුරුකාරමුල්ල මහා පන්සලේ ඇති විශ්ම කර්ම නිර්මාණයක් සේ හදුන්වන මෙම විහාර මන්දීරයෙහි ඇති චිත්‍ර , මුර්ති , සහ සැරසිලි මෝස්තර රටා ආදිය අයත් වන්නේ නූතන බෞද්ධ විහාර සම්ප්‍රදායේ මුල් අවධියටය. ඒ අනුව ගත් කල අගුරුකාරමුල්ල මහා පන්සලේ විහාර මන්දීරයෙහි දක්නට ලැඛෙන බිතු සිතුවම් ආදිය, ලංකාවේ නූතන බෞද්ධ විහාර සිතුවම් සම්ප්‍රදායේ මුල් අවධිය පිලිබදව අනාවරණය කරයි.
ඒ අනුව මෙම විහාර මන්දීරයේ සියඵම චිත්‍ර හා මූර්ති නිර්මාණයන් කර ඇත්තේ කෘතහස්ත කලා ශිල්පයෙකු වූ ජයෝරිස් ගුරුන්නාන්සේ  විසින් වන අතර මෙම විහාර මන්දීරයට සමාන වෙනත් විහාර මන්දීරයක් ලංකාවේ වෙනත් කිසිදු විහාරස්ථානයක නැති තරමිය.
එම නිසා මුඵ මීගමු පුරවරයටම කීර්තියක් ගෙනෙන, මාහැගි ජාතික වස්තුවක් සේ  සලකන අගුරුකාරමුල්ල මහා පන්සලේ විහාර මන්දීරය විනාශයට යානොදී අනාගත පරපුරට දායාද කරලිමේ සද් කාර්්‍ය වෙනුවෙන්  එය රැක ගත යුතුව ඇත. රුපියල් මිලියන 50 කට අධික මුදලක් වැය වන මෙම භාරදූර කාර්්‍ය වෙනුවෙන් ජාති සහ ආගම් භේදයෙන් තොර පරිත්‍යාගශීලී ඔබ සැමටද දායක වන මෙන් විහාරාධිපති ගරු, කොන්දගම්මුල්ලේ ඤාණ ශී්‍ර ස්වාමීන් වහන්සේ විසින් ආරාධනා කර සිිටියි.

සියඵ විමසීම් – විහාරාධිපති,
ගරු, කොන්දගම්මුල්ලේ ඤාණ ශ්‍රී ස්වාමීන් වහන්සේ දුර.අංක.-. 031-2222740

තොරතුරු – මීගමුව අඟුරුකාරමුල්ල බෝධිරාජාරාමය
පිළිබඳ ලියවුණ කෘතියෙනි.