දුප්පතුන්ට දෙන සහනය⁣ටත් දේශපාලනය ඈදා ගත් රජයට ග්‍රාම නිලධාරින්ගේ විරෝධය !

0
105

MR-GR-2019.12.12(8.00 am ) දුප්පතුන් වෙනුවෙන් මේ අමාරු අවස්ථාවේ රජය විසින් ලබාදෙන්නට තින්දු කරන ලද රු 5000 ක මුදල ලැබිය යුතු වඩාත් සුදුසු අයෙගේ නාම ලේඛන සකසා රජයට යවා තිබියදි යළිත් චක්‍රලේඛයක් හරහා නැවත සුදුස්සුන් තේරිම ප්‍රදේශයේ පොහොට්ටු දේශපාලකයන් හට පවරා තිබේ.
ඒ අනුව  නැති බැරි අය කෙසේ වෙතත් පොහොට්ටුවට සම්බන්ධ ඇති හැකි අය වෙතද මේ වනවිටත් අදාල පොර්ම නිකුත් කර ඇති බව මිගමුවේදි නම් ප්‍රසිද්ධ රහසකි.
මේ අයුරින් මේ කටයුත්ත එහෙම පිටින්ම දේශපාලනීකරණය කිරිමට රජය කටයුතු කිරිමට විරෝධය පළකරමින් ග්‍රාම නිළධාරින්ගේ වෘත්තිය සමිති 6 ක් ඒකමතික තින්දුවකට පැමිණෙමින් මෙයට විරෝධය පළකරමින් රු 5000ට අදාල රාජකාරි කටයුතුවලින් ඉවත් වන ඊයේ දැනුම් දි තිබුණි.
රට මේ තරම් විපතකට පත්ව තිබියදි මැතිවරණ උණ හිසට ගැසු දේශපාලකයන් විසින් කරනු ලබන මේ ලැජ්ජා සහගත දේශපාලන වැඩසටහනක් ගැන රටේ මහජනයා තුල ඇත්තේ සැබැවින්ම පිළිකුලකි. මැතිවරණ කොමිසම මේ ගැන වහා මැදිහත්වෙනු ඇතැයිද මහජනයාගේ පැතුමයි.