මීගමුව නගරාධිපති නාගරික මන්ත්‍රිවරුන්ට කෙසෙල් කැන් දෙකක් දීලා ?

0
444

banana-smiley-face-ripe-isolated-white-background-31531089(11.55 am ) දෙවන සංස්කරණය
මීගමුව නගරාධිපතිවරයා විසින් නාගරික මන්ත්‍රිවරුන්ට හට කෙසෙල් කැන් දෙක බැගින් බෙදාහැරිමට කටයුතු කර ඇතැයි වාර්ථා වේ. මෙසේ කෙසෙල් කැන් ගෙනවිත් දි ඇත්තේ නගර සභාවේ කම්කරුවන් පිරිසක් විසින් වන අතර මෙසේ කෙසෙල් කැන් මන්ත්‍රිවරුන්ගේ ප්‍රයෝජනයට නැතිනම් තවමත් අය බෙදාගැනිමටදැයි කිසිදු අදහසක් නැතැයි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් එක් නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේය.
මෙසේ කෙසෙල් බෙදිම සිදුව තිබුනේ ඊයේ රාත්‍රියේදි වන අතර ඇතැම් මන්ත්‍රිවරුන් මෙසේ කෙසෙල් කැන් ලබානොගෙන ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්ථාවේ. ඒ සම්බන්ධයෙන් අපට අදහස් පළ කර එක් මන්ත්‍රිවරයෙකු කියා සිටියේ විදුලි අංශයේ කම්කරුවන් පිරිසක් ලොරියකින් ඊයේ රාත්‍රි 8 පැමිණ බවත් නගාරාධිපති තුමා මේ කෙසෙල් කැන් මන්ත්‍රිතුමාට දෙන්නට යැයි කි බවත්ය පවසා ඇත. පසුව අදාල මන්ත්‍රිවරයා විමසා ඇත්තේ මේ කෙසෙල් ගමට බෙදෙන්නද අපටද යනුවෙනි. කෙසේ වෙතත් ඔහු කියා ඇත්තේ මේ කෙසෙල් කැන් තමාට නම් අවශ්‍ය නැතිබවය. ඉදිනු නැති කුඩා ප්‍රමාණයේ ගෙඩි සහිත ඇඹුල් කෙසෙල් කැන් රාශියක් මේ ලොරියේ තිබුණ අපගේ තවත් ආරංචි මාර්ග විසින් තහවුරු කොට තිබුණි.
.