( 6.00 pm ) මීගමුව මහනගර සභාව තුල ක්‍රියාත්මක වු නිතිය සහ සම්ප්රදාය වි තිබුනේ දවස අවසානයේ එහි සියළු යතුරු ආරච්චි ධුරය දරන තැනැත්තා විසින් පොලිසියට භාරදිමයි.
අනතුරුව පසුදා උදෑසනම පොලිසිය වෙත ගොස් ආරච්චිධුරය දරන තැනැත්තා විසින් ඒ යතුරු යලිත් පොලිසියෙන රැගෙන එයි.
එහෙත් දැන් ඒ නීති මිගමුව මහනගර සභාව තුල ක්‍රියාත්මක නොවන බව නම සදහන් කිරිමට අකමැති නාගරික මන්ත්‍රිවරයෙකු මිපුරට කියා සිටියේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඊයේ මහ රෑ වන තුරු රු 5000 අයදුම් පත්‍ර මුද්‍රණය කිරිම සිදුකර ඇති බවය. ඒ අනුව පෙනි යන්නේ ආරච්චිධුරයද දැන් නගරාධිපති දායන් ලංසා විසින්ම සිදුකරමින් සිටින බව යැයි එකි මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේය.