මීගමුව රෝහලට කව්රුත් උදව් නොකරපු මොහොතක නිහඬව දායක වු උතුම් මිනිස්සු !

0
107

NGB hospitalමේ කලාපයේ ප්‍රධානතම රෝහලක් ලෙසින් රජයේ සැලකිල්ලට ලක්විය යුතු එහෙත් එසේ නොවුන මිගමුව රෝහල මෑත ඉතිහාසය තුල අර්බුද ගණනාවකට ලක්වු ප්‍රධාන තැනකි.
2017 වසරේ ඩෙංගු වසංගතය රටතුල පැතිරෙද්දි මිගමුවද බරපතල ලෙසින් එයට ගොදුරු විය.
එදාට ටිවි කැමරා වලට මුහුණ වල් නොදා නිහඩව විශාල දායකත්වයක් කළ මිනිසුන් සහ ගැහැනුන් අතලොස්සලක් විය.
ඒ අය විසින් එදා ලබාදුන් දැ අදටත් මිගමුව රෝහල තුල ප්‍රයෝජනයට ගැනේ.
2019 වසරේ හරියට අද වැනි දිනක මිගමුව රෝහල යලිත් වරක් දැවැන්ත අර්බුදයකට මුහුණ දුන්නේය.එනම් අන්තවාදින් පිරිසකගේ බෝම්බ ප්‍රහාරයකට ලක්ව වැඩිම පිරිසක් තුවාල ලබා ගෙන ආ රෝහල ලෙසින් එදා මුහුණ දෙමිනි.
දැන් කොරෝනා වෛරස් තත්වයයි.
මිගමුව රෝහල තුල කොරෝනා සැකසහිත රෝගින් හට ප්‍රතිකාර කිරිම සදහා හිටපු රෝහල් අධ්‍යක්ෂකවරියගේ මුලිකත්වයෙන් වඩාත් වැදගත් පියවරයන් රැසක් ක්‍රියාත්මක වු අතර ඒ සදහා අවශ්‍යම වු දායකත්වයන් කිපයක්ද විය.
එවකට වාට්ටු දෙකක සේවය කල වෛද්‍ය කාර්ය මණ්ඩලය සිය ආරක්ෂිත ඇදුම් කට්ටල ඇගලා ගත් විට කැන්ටිමට හෝ කැමක් ගන්නට යන්නට නොහැකි තත්වයක් තිබුණි.,
ඒ  නිසාම උදේ සවස තේ වේලාවන් වලදි ඒ අයගේ කුසගිනි නිවාගැනිමට යම් සුලු ආහාරයක අවශ්‍යතාවයක් විය.ඇදිරි නිතියත් සමගින් සියලු ආහාර නිෂ්පාදන ආයතනයන්ද වසා දැමුණි.
ඒ සියළු අභියෝගයන් මැද මිපුර අපි ඉතිහාසය පුරා හම්බකරගත් හදවත් ඇති මිනිසුන් කිපදෙනෙකු අපට සහ වුණි.
සති දෙකක් පුරාවට අමාරුම වකවානුව තුල උදේ සවස කෙටි ආහාර සපයා දිමට අවැසි වු බරපැනට හවුල් වුයේ 2017 දි මිගමුව රෝහලට විශාල දායකත්වයක් ලබාදුන් මාබිම ආයතනයේ සුජිත් මහතාය.ඒ ආහාර සකසා උදේ සවස අමාරුම කාරියට දායකත්නය දුන්නේ අප මිත්‍ර වෛද්‍ය හෙන්රි රොසයිරෝය.
එපමණක් නොව කොරෝනාදැයි සැක රෝගින්ගේ පානිය ජල අවශ්‍යතාවය සුපරා ගැනිම සදහා අවැසි වතුර බාහාලුම් සදහාද මාබිම අප මිතුරාගේද දායකත්වය ලැබි තිබුණි.
මේ අතර රෝහල් කාර්ය මණ්ඩලයට අවැසි ආරක්ෂිත ඇදුම් සකසා ගැනිම සදහා  අත්‍යවශ්‍ය දැ සදහා ලබාදිමට පමුණුගම YMCA ආයතනයේ තරුණ පිරිස මුලිකත්වය ගෙන  ගත්තේය.
මාර්තු ආරම්භයත් මගින් රෝහල මුහුණ දුන්නේ දැවැන්ත අභියෝගයකටය. ඒ දෙවන කොරෝනා මරණය මිගමුව රෝහල තුල වාර්ථා විමත් සමගින්ය.
ඒ අනුව ඉතා වාට්ටු නැවත පිලිසකර කිරිමේ සහ  දැඩිසත්කාර ඒකකයක් අවශ්‍යතාවය වෙනුවෙන් වු ප්‍රධාන ද්‍රව්‍යයන් කිපයක් විය.
ඇදිරි නිතියත් සමගින් කඩසියල්ල තිබුනේ වසා දමාය. සියල්ලෝම බියෙන් තැති ගෙන සිටියහ.
ඒ මොහොතේ ඉතා කෙටි වේලාවකදි ප්ලාස්ටික් බේසම් ,බකට් , ඩස්බින්,සහ රබර් සෙරෙප්පු වැනි අවශ්‍යතා කිපයක්ම විය.
එ මොහොතේ අප මතකයට ආවේ අපේ මාධ්‍ය සගයා රහුමාන්ය. අප ඔහුට රෝහලේ අවශ්‍යතාවය පවසා සිටියෙමු. විනාඩි කිපයකින් ඔහුගේ ව්‍යාපාරික මිතුරෙකුවු රීසා මහතාගෙන් අවැසි දේවල් ලබාගැනිමට සුදානම් කර දුන්නේය. එහෙත් ඇදිරි නිතිය නිසා යතුර තිබුනේ තවත් අයෙකු සතුවය. ඒ අයගෙන් යතුර ලබාගෙන කඩය විවෘත කොට ඒ සියලු දේවල් නොමිලේම රෝහලට සපයා දෙන්නට කටයුතු කර තිබුණෙි. රෝහල විසින් ඇදිරි නිති පාස් ඇතුලු සියල්ලද සම්පාදනය කොට දි තිබුනි. පැය එකාමාරක් ඇතුලත ඒ සියල්ල රෝහල වෙත සැපයිණි. රීසා මහතා සහ රහුමාන් එදා කළ දායකත්වය සැබැවින්ම අගෙනේය.
ඉන් පසු කඩිනමින් තට්ටු ගොඩනැගිල්ලේ කොරෝනා සැක සහිත රෝගින් වෙනුවේන එහි එක මහලක් සැකසෙද්දි එයටද අවැසිව වු කබඩ්, මේස සහ පුටු සපයා දිමට ඇපලෝ වර්ණ රසායනාගාරයේ මොහොන් මහතා සිය උපරිම දායකත්වය ලබාදුණි. ඉන් අනතුරුව වු තවත් අවශ්‍යතාවයකිද පැරඩයිස් හෝටලයේ කෲස් මහතා රොටරි දායකත්වයෙන් තවත් මේසයක් සහ පුටුවක් ලබාදුණි.
මේ සියල්ල  අප මෙසේ සටහන් කලේ මිගමු රෝහලට උදව් කරන බොහෝ දෙනෙකුට අද කැමරා විඩියෝ දර්ශණ නැතුවම බැරි තත්වයක් උදාවි වි තිබියදි කිසිදු නමක් ගමක් ගෑවෙනවටත් අකමැති නිහඩව කව්රුත් අවධානය යොමුනොකළ මොහොතක රෝහලට සහය වන්නට මුල් වු හදචත් ඇති මිනිසුන් පිරිසක් සිටි බව අප කිව යුතුම වු නිසාය.