රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ‘දෙරණ’ට දෝස්මුරයක් ! – ගෝඨා, බස් රථයක් දී ‘ෂේප්’ කරගන්න බලයි!!

0
302
email sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
( 7.00 am ) කොරෝනා වසංගතය මර්ධනය කිරීම උදෙසා ජීවිත පරදුවට තබා සුවිශාල කාර්ය භාරයක් ඉටුකරමින් සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ද මේවනවිට ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන් ම කැපිලි කෙටිලි එල්ල වෙමින්

තිබෙන බවට  සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපයේම කතාබහට ලක්වෙමින් තිබේ.

එම ගැටුම කොතරම් ද යත් එම සංගමයේ ප්‍රධානින් පසුගිය අවස්ථාවන් කිහිපයක දී කොරෝනා මර්ධන කමිටු රැස්වීම වලට පවා නොගොස් සිටිබව ද වාර්තා විය.

එසේම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වැඩි ප්‍රචාරයක් නොදෙන්නැයි ද ආණ්ඩුවේ ප්‍රබලයින් ආණ්ඩුවේ හා පෞද්ගලික මාධ්‍ය වලින් ද ඉල්ලීම කර තිබු බවද සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පලවිය.

ඒ අනුව ගොතවාදී ‘දෙරණ’ නාලිකාව වෛද්‍ය සංගමයට එරෙහි සැලසුම් සහගත මෙහෙයුමක් එළිපිටම ක්‍රියාත්මක කරමින් සිටින බවටද චෝදනා මතුවිය.

දෙරණට චෝදනාවක් !

Chathura Alwis Derana TV
සමාජ මාධ්‍ය ඔස්සේ මතුවූ එවැනි කාරනා සනාථ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ විසින් ‘දෙරණ’ රූපවාහිනී නාලිකාවේ විධායක අධ්‍යක්ෂ වෙත ඊයේ (අප්‍රේල් 22) ලිපියක් යොමුකර ඇත.

තම සංගමයේ ක්‍රියාකාරීත්වය අපකීර්තියට ලක්කිරීම සඳහා ‘දෙරණ’ නාලිකාව ගන්නා උත්සාහය පිළිබඳව දැනුවත් කරමින් එම ලිපිය යොමුකර තිබේ.

එම ලිපියේ මෙසේ සඳහන් වේ.

”ඔබ ආයතනයේ සේවය කරන මාධ්‍යවේදී චතුර අල්විස් මහතා විසින් මෑත කාලීනව දෙරණ රූපවාහිනී නාලිකව  ඔස්සේ  සිදුකරන ප්‍රකාශ හරහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපකිරීතියට පත් කිරීමේ උත්සාහයක් පවතින බව අප සංගමයේ ශාඛා සංගම් කිහිපයක් මෙන්ම සාමාජිකත්වය විසින් අප වෙත දැනුම් දී ඇත.

ජාතික මට්ටමෙන් වැදගත් වන, අප සංගමය මැදිහත් වූ, රටට හිතැති සියලුම විෂය ක්ෂේත්‍රයන්හිදී ඒ වෙනුවෙන් අප වෙත සහයෝගය දැක්වූ ඔබ ඔබ ආයතනයේ මාධ්‍යවේදී චතුර අල්විස් මහතාගේ මෑතකාලීන හැසිරීම අපගේද බලවත් විතියට හේතු වී ඇත.

විශේෂයෙන්ම ඊයේ දිනය (2020/04/21) තුළ උදෑසන 6.30ට විකාශය වන දෙරණ අරුණ වැඩසටහනේදී චතුර අල්විස් සිදුකළ ප්‍රකාශයක් සාමාජිකත්වය විසින් අපගේ අවධානය පිණිස ඉදිරිපත් කර ඇත.

Dilith 2020.04.23                                             දෙරණ සභාපති දිලිත්ගේ අණ නොතකා කටයුතු කිරීමට චතුර අල්විස්ට හයියක් තියනවද ?

අප සංගමය විසින් රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය වන ඖෂධවල හිඟය හා ඒ තත්වය නිවැරදි කිරීම සඳහා බලධාරීන් කටයුතු නොකිරීම පසුගිය රජය කාලසීමාව තුලදීද දිගින් දිගටම හඬ නගන ලදී. එවකට ඒ පිළිබඳව ඔබ නාලිකාව මගින්ද පුළුල් ප්‍රචාරයක් මෙන්ම සහයෝගයක්ද ලබා දෙන ලදී.

වත්මන් රජයේ සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් තත්වය නිවැරදි කරන ලෙසට දිගින් දිගටම බලධාරීන්ට දැනුම් දුන්නද තවමත් ඖෂධ හිඟය බැරෑරුම් ලෙස පවතින්නේ නම් ඒ පිළිබඳව හඬ අවදි කිරීම අගතියෙන් තොරව කටයුතු කරන සංවිධාන ව්‍යූහයක වගකීම බව අමුතුවෙන් කිවයුතු නොවේ.

”අප සංගමයේ ප්‍රවෘත්ති නිවේදනයකට අදාළව ඖෂධ හිඟය  පිළිබඳ පුවත තම වැඩසටහන් ඔස්සේ ඉදිරිපත් කරන චතුර අල්විස් මහතා මේ පිළිබඳව අප විසින් කතා කිරීම හරහා ඖෂධ මාෆියාවෙන් අපටද යම් වාසි ලැබෙන බවට ගම්‍ය වන ප්‍රකාශයක් සිදුකරන ලද බව නිරීක්ෂණය වෙයි.”

කෙසේ නමුත් ඊයේ දිනයේ අප සංගමයේ ප්‍රවෘත්ති නිවේදනයකට අදාළව ඖෂධ හිඟය  පිළිබඳ පුවත තම වැඩසටහන් ඔස්සේ ඉදිරිපත් කරන චතුර අල්විස් මහතා මේ පිළිබඳව අප විසින් කතා කිරීම හරහා ඖෂධ මාෆියාවෙන් අපටද යම් වාසි ලැබෙන බවට ගම්‍ය වන ප්‍රකාශයක් සිදුකරන ලද බව නිරීක්ෂණය වෙයි.

ඒ අනුව චතුර අල්විස් මහතාගේ මෙම හැසිරීම පිළිබඳ බලවත් විරෝධය පළ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කරන ලදී.”

94097004 1579032872262022 563948456008220672 o                                        ජනාධිපති වහා මැදිහත්වේ. බස් රථයක් දෙයි …..

රජයේ වෛද්‍ය නිලධාරීන් මෙසේ සිය විරෝධයන් එළිපිටම පැවසීමත් සමගම ජනාධිපතිවරයා වහ වහාම මැදිහත්වී ඇති බව ඊයේ දිනයේ දී ප්‍රදර්ශනය විය.

ඒ අනුව, COVID-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා ටොයොටා ලංකා පෞද්ගලික සමාගම විසින් ලබාදී තිබු රුපියල් මිලියන 20ක් වටිනා බස් රථ දෙකක් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර  සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය වෙත බාර දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) සිදු විය.

”ඔන්න වෘත්තීය සමිතිවලට අල්ලස් දුන්න කියලා එහෙම කියන්න එපා” – ඕෂලගේ ඉල්ලීමක් 

මෙම බස්රථ ප්‍රදානය සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් පවසන්නේ,
ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයාට තියන දුරදර්ශි මනස අපි අගය කොට සැලකිය යුතු බවයි. මෙම පරිත්‍යාගය ”කුහක කමට වෘත්තීය සමිතිවලට අල්ලස් කියලා එහෙම කියන්න එපා” යයි ද ඔහු ඉල්ලීමක් කර තිබේ.

ඔහු විසින් සිය FB පිටුවේ පළකර ඇති සටහනේ මෙසේ ද සඳහන් වේ.

”ඇත්තට කණගාටුයි කියන්න ගිය ආණ්ඩුව දුප්පත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බිබික්කම්ක් වත් දුන්නේ නෑ. ඇත්තට වෘත්තීය සමිතියක් හැටියට වෛද්‍ය සංගමයට එයාලට කියලා වාහනයක් තිබ්බේ නෑ. සාමාජිකයන් හැමදාම ගියේ තමන්ගේ වාහන වල. දැන් ඉතින් කට්ටියට කරදරයක් නැතුව බස් එකේ එකට ගමනක් යන්න පුළුවන්. 
”මම දන්නවා මේ උතුම් වෛද්‍යවරු ටික මේ බස් එක එක්කෝ වෛද්‍ය සභාවට නැත්නම් දුෂ්කර දිස්ත්‍රිකයක තියෙන රජයේ වෛද්‍ය විද්‍යාලයකට පරිත්‍යාග කරවී. හිනා වෙන මුහුණ එහෙම දාන්න එපා. ඇත්තටමයි කිව්වේ.”

ඇත්තට ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඒ තියන දුරදර්ශි මනස අපි අගය කොට සලකන්න ඕනේ. කුහක කමට වෘත්තීය සමිතිවලට අල්ලස් කියලා එහෙම කියන්න එපා. ඇත්තට කියන්න ලැජ්ජයි යහපාලන ආණ්ඩුව මෙහෙම දෙයක් වත් හිතුනේ නෑ.

එත් මම දන්නවා මේ උතුම් වෛද්‍ය වරු ටික මේ බස් එක එක්කෝ වෛද්‍ය සභාවට නැත්නම් දුෂ්කර දිස්ත්‍රිකයක තියෙන රජයේ වෛද්‍ය විද්‍යාලයකට පරිත්‍යාග කරවී.

හිනා වෙන මුහුණ එහෙම දාන්න එපා. ඇත්තටමයි කිව්වේ.”
theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here