හොඳම දේ දරුවන්ට දෙන්නට මාරිස්ටෙලා විදුහල පෙරමුණ ගනි.

0
155

ගී රසවින්දන වැඩසහනක් (2013/02/06) සිට පුරා දින නවයක් විද්‍යාලීය ගෘහස්ත ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට කටයුතු කර තිඛෙනවා. මාරිස්ටෙල්ලා විද්‍යාලයේ සහ මාරිස්ටෙල්ලා ශාඛා විද්‍යාලයේ 02 සහ 03 ශ්‍රේණි ඇතුළුව 11 වැනි ශ්‍රේණිය එනම් අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටීමට සිටින පාසල් දරුවන් දක්වා එම ශ්‍රේණි වල සියළුම සිසු දරුවන්ට මෙම ගී රස වින්දන වැඩසටහන පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිඛෙනවා.
මෙය පැවැත්වෙන පුරා දින 09 ක කාලය ඇතුලත දී වැඩසටහන් 16 ක් පැවැත්වීමට නියමිතයි. මෙහිදී සිසු දරුවන්ගේ දෙමව්පියන්ටත් මේ සදහා සහභාගී වන ලෙස අප ආරාධනා කර තිඛෙනවා. ඒවාගේම විද්‍යාලයේ ගුරු මන්ඩලයටත් වෙනමම ගී රස වින්දන වැඩසටහනක් පැවැත්වෙනවා. පසුගිය කාලයේ මෙම ගී රස වින්දන වැඩසටහන අප විද්‍යාලයේ අ.පො.ස. උසස් පෙල ශ්‍රේණි වල සියළුම සිසු දරුවන්ට පැවැත්වුවා . එය ඉතා සාර්ථක වුවා යැයි අපට වැටහුනා. ඒ නිසාම විද්‍යාලයේ සියළු සිසු දරුවන්ට සහභාගී විය හැකි ලෙස වෙනමම එය පැවැත්විය යුතු යැයි අප තීරනය කලා. ඒ අනුව තමයි හෙටින් ඇරඹෙන මේ ගී රස වින්දන වැඩසටහන් මාලාව පැවැත්වෙන්නේ.
අද අප හැමෝම වාගේ ජීවත් වෙන්නේ සංකීර්ණ වූ සමාජ රටාවක් සහිත වතාවරණයක වාගේම
බොහෝ විෂමාචාර ගති පැවැතුම් විකෘති කි්‍රයාවන් , සිදුවීම් සිදු වෙන සමාජයක. මේ බව අප හොඳින් අවබෝධ කර ගත යුතුයි. මෙවැනි සමාජයක ජීවත් වන අපට බොහෝ අවශ්‍යතායවන් බලාපොරොත්තු තියෙනවා සඵලමත් කර ගැනීමට. මේ අවශ්‍යතාවයන්  ඒ බලපොොත්තු සඵලමත් කරගැනීමට යාමේදී අප දැනුවත්ව හෝ නොදැනුවත්ව අප යම් ආකාරයක තරඟයකට (රේස් එකකට) යොමු වෙලා තියෙනවා, ඒවා ඉක්මනින් සඵලමත් කර ගැනිමට. මේ තත්වය අප දකිනවා වර්තමානයේ පාසලට පැමිනෙන සිසු දරුවන් අතරත්. බොහෝ විට මේ දරුවන් ඒ ආකාරයට අධ්‍යාපනය තුල විභාග සමත්වීමට පමනක් බොහෝ විට යොමු වී තිඛෙන්නේ දෙම්ව්පියන්ගේ නැතිනම් සමාජයේ බලපෑම් මත හෝ පෙළඹවීම මත විය හැකියි. එවැනි අවස්ථාවල දරුවා සතු නියම කුසලතාවයන් දක්ෂතාවයන් හඳුනාගැනීමට , එලි දැක්වීමට සහ ඒවා උද්දීපනය කර ගැනීමට දරුවාට ඉඩක් ලැඛෙන්නේ නැහැ.  දෙමව්පියන්ගේ හා සමාජයේ  මේ ආකල්පය නිසා බොහෝ දරුවන්ට ඔවුන්ගේ  ළමා කාලය නිසි ලෙස ගත කිරීමට ඉඩක් ලැඛෙන්නේම නැති තරම්.
මෙවැනි දරුවන් පසුකාලයේදී තරුණ වියට සහ වැඩිහිටි වියට එළඹිවිට ඔවුන් බොහෝ විට සමාජයට අඵත් දෙයක් ඉදිරිපත් කරන නව නිර්මාණවලින් සපිරි , ලොවට යහපත් දෙයක් කරන පුරවැසියන් බවට පත් වන්නේ නැති තරම්. එවැනි අය ස්වභාව ධර්මයට , පරිසරයට සංවේදී වන්නේ නැහැ.  සමාජයට ආදරය කරන්නේ නැහැ. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ අප ජීවත් වන ලෝකයට පරිසරයට සංවේදී වන මිනිස් සමාජයට ආදරය කරන ලෝකයට යහපතක් කරන නිර්මානශීලී සංවේදී පුද්ගලයෙකු පාසල හරහා බිහි කිරීමයි. ඒ සඳහා අධ්‍යාපනය සහ ක්‍රිඩාවට පමනක් ම නෙවෙයි කලාව කියන දෙයත් අත්‍යාවශයයි. කලාවේ මුලිකම හරය රසවින්දනයයි. යම් අයෙක් කලාව හරි හැටි රසවින්දනය කරන්නේ නම් ඔහුගේ චින්තන ශක්තිය හා පරාසය පුළුල් වෙනවා. ඒ හරහා  ලෝකයට සමාජයට යහපත් සහ හරවත් නව නිරිමාණ බිහිවෙනවා. නව නිර්මාණ බිහිවෙන සමාජයක් දියුණුවට පත් වෙනවා. එහි යහපත් ප්‍රතිඵල තම රටට පමනක් නෙවෙයි මුළු ලෝකයටම ලැඛෙනවා. කලාව හරි හැටි රසවින්දනය කරන දරුවෙකුට අධ්‍යාපනයේ ඇති කඩඉම් ජයගැනීමටත් ක්‍රිඩාවන්ගේන් සාර්ථකත්වයට පත්වීමටටත් වැඩි හැකියාවක් පවතිනවා.
එවන් දරුවන් අප පාසල තුලින් බිහි කිරිමට අප කරනා වු මුලික ආයෝජනයක් තමයි මේ ගීරස වින්දන වැඩසටහන. මෙය දරුවන්ට පමනක් නෙවෙයි මේ වෙනස දරුවන්ට සිප් සතර උගන්වන ගුරුවරුන්ටත් ලබා දිය යුතුයි. අපේ අරමුණ වඩාත් සාර්ථකත්වයට පත් වීමට නම් දරුවන්ට ගුරුවරුන්ට වාගේම පාසලින් පසු දරුවන් දවසේ වැඩිම කාලයක් රෑෙදන තම නිවස තුලත් මේ තත්වය අපි ඇති කල යුතුයි. අපි පාසලේදී කෙතරම් දරුවාව පිරිපුන් සංවේදී දරුවෙකු බවට පත් කලත් නිවසේදී ඒ වතාවරණය වෙනස් වෙනවා නම් අපේ උත්සහය අසාර්ථක වෙනවා. ඒ නිසයි අපි දරුවන්ට වාගේම ඒ දරුවන්ගේ දෙමව්පියන්වත් ගෙන්වා මේ ගී රස වින්දන වැඩසටහන් වලට ඔවුන්වත් සහභාගී කර ගන්නේ. ඔවුන් තුලද උසස් රසඥතාවය වඩාවා ඒ දරුවාගේ නිවසේ වතාවරණයද අප යහපත් ආකාරයෙන් සැකසිය යුතුයි.
විවිධ අය ගී රස වින්දන වැඩසටහන් පවත්වනවා අපි දැකලා තියෙනවා. හැබැයි ජයතිලක බන්ඩාර කියන කළාකරුවා තමයි අපි දැකපු හොදම කලාකරුවා මේ ගීර රස වින්දන වැඩසටහන පවත්වන්න. මොකද ඔහුට විශේෂ හැකියාවක් තියෙනවා, ඕනෑම වයස් කාන්ඩයක , ඕනෑම බුද්ධි මට්ටමක සිටින පිරිසකට මේ වැඩසටහන නම්‍යශීලීව වෙනස් කරමින් පවත්වන්න. දරුවන්ට අවශ්‍ය ආකාරය, දෙමව්පියන්ට අවශ්‍ය ආකාරය, ගුරුවරුන්ට අවශ්‍ය ආකාරය, හොදින් අවබෝධ කර ගෙන මේ ගී රස වින්දන වැඩසටහන පවත්වන්න ඔහුට විශේෂ හැකියාවක් තියෙනවා. කලින් කලට ඒ ගී රස වින්දන වැඩසටහනට නව අංග එකතු කරමින් සහභාගී වන අයගේ වැඩි ආකර්ෂනය සහිතව ඉදිරිපත් කිරීමටත් ඔහුට හොද හැකියාවක් තියෙනවා. අප ඉදිරි වර්ෂ වලදීත් මේ ගී රස වින්දන වැඩසටහන විවිධ හැඩතලයන් ඔස්සේ පසල් දරුවන්ටත්, ගුරු මන්ඩලයටත්, ඒවාගේම දෙමව්පියන්ටත් පැවැත්වීමට කටයුතු කරනවා. අපි මීගමුවේ පාසල් වලටත් වෙනත් පාසල් වලටත් අපව ආදර්ශයට ගෙන මෙවැනි හරවත් වැඩසටහන් සිසු දරු දැරියන් වෙනුවෙන් පවත්වන්න කියලා ආරාධනා කරනවා.
ගරු සුනන්ද අල්විස් සහෝදරතුමා
විදුහල්පති
මාරිස්ටෙල්ලා විද්‍යාලය-මීගමුව