කුණාටුවකට හසුවූ ඉන්දීය ධීවරයන් බේරාගැනේ

0
88


ජනවාරි 30 වනදා තමිල්නාඩුවේ  කන්‍යා කුමරි උප්පුතුරෙයි ප්‍රදේශයෙන් මසුන් මැරිම සදහා වල්ලම් වලින් පිටත්වූ  ධීවරයන් හතර‍ෙදනෙකු  කුණාටුවකට හසුව මුහුද මැද සිටියදී පෙබ 02 වන සෙනසුරාදා ,
පිටිපන ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් බෝට්ටු මගින් ඔවුන්ව බෙරාගෙන තිබේ. පිටිපන ප්‍රදේශයේ ධීවරයින්  විසින් බේරාගත් එම ධීවරයින් 3 දෙනා ඊයේ 04වනදා රාත්‍රී 12 ට පමණ මිගමුව
පොලීසිය‍ට බාරදෙන ලදී. මෙම ධීවරයින් හතරදෙනාගෙන් අවුරැදු 75ක් වියැති
වරැවා පිල්ලෙයි නමැති ධීවරයා කුණාටුවට හසුවූ පසු මියගොස් තිබේ.
ජනවාරි 30 වනදා කුණාටුවට හසුවූ පසු වල්ලම පෙරලී ඇති අතර මෙම ධීවරයන්
හතරදෙනා දින හතරක් පුරා එහි එල්ලී දිවිගලාවා ගැනීමට උත්සාහා දරා ඇත. වයස 75ක් වියැති ධීවරයාට දිගටම පෙරළුන වල්ලමේ එල්ලී සිටීමට වාරු නැතිවූ විට ඔහු මුහුදේ ගිලී තිබේ.
දිවි ගලවාගත් ධීවරයින් තිදෙනා මේ වනවිට මීගමුව රෝහලේ 06වන වාට්ටුවේ ප්‍රතිකාර
ලබයි. ඔවුන්ව මීගමුව පොලීසිය වෙත බාරදෙන අවස්ථාවේදී ඉන්දියානු තානාපති
කාර්යාලයේ නියෝජිතයන්ද පැමිණ සිටි බවද වාර්තා වේ.

ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්
දිවි ගලවාගත් ධීවරයින් තිදෙනා
අමල් රාජ් ( 33)
සේවියර් (49)
ජෝයි – (38)