සිසිලි දූපතේ පිහිටි නගරයක් වන කාපෝ මිල්ලසෝ හී කදු බෑවුමකින් මීටර් 40ක් පමන පහලට වැටෙන බෲනෝ බෙරාගැනීමට ඔහුගේ ස්වාමීයා මහත් උත්සහයක් දැරීය. නමුත් එය සාර්ථක නොවූ අතර පසුව ඔහු නගරයේ ආරක්ෂක අංශ සහය බලාපොරොත්තු විය. එහිදී ක්රියාත්මක වුනු vigile del fuoco එනම් ඒ රට ගිනි නිවන හමුදා බටයින් පිරිසක් මෙම මෙහයුම සාර්ථකව නිම කරමින් බෲනොව තම ස්වාමීයා වෙත බාර දෙන ලදී.කදු බෑවුම ගල් සහිත වූ බැවින් බෲනෝ සුලු තුවාල ලබා සිටියේය.
කෙසේ හෝ ඔවුන් බෲනෝගේ ජීවීතය බෙරාගැනීමට සමත් වුනි. එය ඔහුගේ වාසනාව විය.
ඉතාලියේ වෙසෙන බොහෝමයක් ජනතාව සුනකයන්ගේ බළලුන්ගේ ආදරය කරුණාව මැද ජීවත්වන ජන කොටසකි. බොහෝ විට සත්ත්වයා මිනිසාට තවත් මිනිසෙකුට වඩා ලෙන්ගතුය.
2500ක බෞද්ධ ඉතිහාසයක් ඇති ලංකාදීපයේ බුදු රජානන්වහන්සේගේ උපත්තිය සිහි කෙරෙන වෙසක් පෝය දින සුනකයෙකු වෙඩි තබා ඝාතනය කල පුවතක් වාර්තා විය. එහි ඝාතකයා වූයේ සමාජ ආරක්ෂනය වෙනුවෙන් සේවය කල හිටපු පොලිස් නිලධාරියෙකුය.
මැක්ස් නමින් හැදින්වෙන මෙම සුරතලා වෙඩී කා දිව ඇවිත් තම ස්වාමීයාගේ අත තම අවසන් හුස්ම හෙලීය.. මැක්ස්ගේ අවාසනාව ලංකාවේ මීගමුව නගරයේ වෙසක් පෝය දිනයේ උදාවිය.
බෘනෝ බේරාගැනීමට ඉතාලියේ සමාජ ආරක්ෂක අංශ ඉදිරිපත් වූවත් ලංකාවේ මැක්ස් ඝාතනය වන්නේ ප්රාථමීක සමාජ ආරක්ෂක අංශය වන පොලීසියේ සේවය කල පොලිස් නිළධාරියෙකුගේ අතිනි.. තව වෙනතුරු වෙඩි තැබූ ගිනි අවිය වත් සොයාගැනීමට ලංකාවේ පොලිසියට නොහැකි වි ඇත. මෙයින් පෙනී යන්නේ අප රටේ ප්රාථමීක සමාජ ආරක්ෂක අංශය වන පොලීසියට සිවුපාවෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් වත් පෙනීසිටීමට බැරිවීමයි. ඇත්තටම මැක්ස් පමණක් නොව ලංකාව තුල ජීවත්වන බොහෝමයක් යම් අයුරකින් අවසනාවත්තය.
ඩිල්ෂාන් තිසේරා -මෙසිනා – ඉතාලිය
ඩිල්ෂාන් තිසේරා -මෙසිනා – ඉතාලිය