කොන්ත්‍රාත්කරුවෙක්ගේ බඩු රකින්න ආරක්ෂක සේවයක්.?

0
72

               
                                          
                  මීගමුවේ මහජනතාවගේ බදු මුදල් පිළිබදව කිසිදු වගවිමක් නැති ගානට කටයුතු කරගෙන යන ලංකාවේ එකම මහනගර සභාව විය හැක්කේ මීගමුවයි.
මෙහි අළුත්ම නාඩගම වන්නේ නගර සභාවට යැයි රකින්නට කිසිවක් නොතිබියදිත් රාජපක්ෂ උද්‍යානයේ ආරක්ෂක සේවයේ කම්කරුවන් වෙත මාසිකව ලක්ෂ ගණක මුදලක් වැය කිරිමයි.

මේ සම්බන්ධයෙන් පෙබ 07 වනදා  පැවැති මහසභාවට යෝජනාවක් ගෙන එන හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මහතා මේ ප්‍රශ්නය සභාව හමුවේ මතු කරද්දි නගරාධිපතිවරයාගේ පිළිතුරු වුයේ එය කලින් දා සිට ඉවත් කළ බවය. ඒ සදහා කොමසාරිස්වරිය පියවර ගත් බවය.
මින් කියැවෙන්නේ පරිපාලන අධිකාරියද දේශපාලන අධිකාරියේ පදයට නටන්නවා මිස නගරයේ මහජනයාගේ බදු මුදල් රකින්නට කටයුතු නොකරන බව නොවේද.??
රොයිස් විජිත මහතා විසින් මහ සභාවට ගෙන ආ යෝජනාව සැකෙවින් මෙසේය.

ඉහත ඉල්ලීම සහිත යෝජනාවක් මීගමුව මහා නගර සභාවට  (2013/02/07) ඉදිරිපත් කරන ලද්දේ මීගමුව මහා නගර සභාවේ හිටපු විපක්ෂ නායක රොයිස් විජිත ප්‍රනාන්දු නාගරික මංතී්‍රවරයා විසිනි. ඒ පෙබරවාරි මාසය සදහා වන මාසික මහා සභා රැස්වීම අවස්ථාවේදීය. එම යෝජනාවේ වැඩි දුරටත් දක්වා තිබුනේ රාජපක්ෂ උද්‍යානය බදු දීමෙන් පසු එහි වු බඩු බාහිරාදිය අධිකරණය තුල ලබා ගත් එකගතාවයක් මත එම උද්‍යානය බදු ගත් පාර්ශවයට ලබා දීමට මීගමුව මහා නගර සභාව තීන්දුවකට එලඹ ඇත.
ඒ අනුව එම බදු ගත් පාර්ශවය එම බඩු බාහිරාදිය ඉවත් කර ගෙන ගොස් ඇත. එම බඩු බාහිරාදිය උද්‍යානය තුල පැවති සමයේ ඒවා ආරක්ෂා කිරීම වෙනුවෙන් මහා නගර සභාව දිනකට රු.531.20 බැගින් ආරක්ෂක නිලධාරීන් 08 දෙනෙකුට දිනකට රු.4249.60 මුදලක් ගෙවා ඇත. ඒ අනුව එය මාසිකව රු130,000 ක මුදලකි. එය වසරකට රු1500000 කි . මේ අනුව ගත් කල මහා නගර සභාව විසින් රාජපක්ෂ උද්‍යානයේ ආරක්ෂක සේවාව වෙනුවෙන් ගෙවන මෙම අතිවිශාල මුදල නගරයේ බදු ගෙවන ජනතාවගේ මුදල් වන හෙයින් මේ වන විට එහි බදු බාහිරාදිය කිසිවක් නොමැති අතර එහි කොන්ත්‍රාත් කරුවෙකු විසින් යම් ඉදිකිරිම් කිහිපයක් සිදු කරනු ලබයි.
ඒ අනුව රොයිස් විජිත ප්‍රනාන්දු නාගරික මංතී්‍රවරයා ඉල්ලා සිටියේ රාජපක්ෂ උද්‍යානය තුල ඉදිකිරිම් කරන කොන්තා්‍රාත්කරුවන්ගේ  බඩු බාහිරාදිය ආරක්ෂා කිරීම වෙනුවෙන් සභාවේ මුදල් යොදවා පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් යෙදවීම නොකල යුතු බවයි.
ඒනිසා මෙම යෝජනාවෙන් ඔහු වැඩි දුරටත් ඉල්ලා සිටියේ දැන්වත් රාජපක්ෂ උද්‍යානයේ ආරක්ෂක සේවය ඉවත් කරන ලෙසයි .
එහිදී කථා කල ඇන්ටනී ජයවීර නගරාධිපතිවරයා සදහන් කලේ මෙම යෝජනාව සභාව වෙත රොයිස් ප්‍රනාන්දු මංතී්‍රවරයා ඉදිරිපත් කල පසුගිය දිනවලදී එම ආරක්ෂක සේවය ක්‍රිත්මක වුවත් නාගරික කොමසාරිස් තුමියගේ ලිඛිත ඉල්ලීමක් මත එම සේවාව 2013/02/06 දා එනම් ඊයේ දින පටන් ඉවත් කල බවයි.