කොරෝනා සහ ඇදිරිය අස්සේ නිමල් ලංසා අද දේශපාලන රැස්විමකට මහනගර සභාවට සෙනඟ කැදවලා ??

0
82

nimal 100කොවිඩ් සහ ඇඳිරි නිති සමය තුල පොදු රැස්විම් එකතුවිම් පැවැත්විම තහනම් කොට තිබේ. තතු එසේව තිබියදි රාජ්‍ය දේපලක්ද භාවිතා කරමින් දේශපාලන ක්‍රියාකාරින් සහභාගි වන රැස්විමක් සංවිධානය අද නිමල් ලංසා විසින් කැදවා තිබුණි. ඒ කොච්චිකඩේ බල ප්‍රදේශයේ පොහොට්ටු ක්‍රියාකාරින්වය.
මෙම රැස්විම අද සවස් වරුවේ මිගමුව මහනගර සභාවේ පැවැත්විමට සුදානමින් සිටියද මෙම රැස්විමට පැමිණ ඇත්තේ 7 දෙනෙකු තරම් කුඩා පිරිසකි.
මේ හේතුව නිසා තමන්ගේ මැතිවරණ සටනට සහය දෙන්න ට යැයි ඉල්ලමින් සුලු වේලාවකින් රැස්විම අවසන් කර තිබේ.
මෙහි එක් විශේෂත්වයක් වන්නේ පසුගිය කාලයේ පැවැති මැතිවරණ වලදි කිසිදු නියෝජිතයෙකු පොහොට්ටු දේශපාලනය වෙනුවෙන් කොච්චිකඩේ බල ප්‍රදේශයෙන් පත්කර ගැනිමට නොහැකි වි තිබේ.
අද පැවැති රැස්විමට 7 දෙනෙකු තරම් ඉතා කුඩා පිරිසක් පැමිණිමෙන් කියැවෙන්නේ නිමල් ලංසා වෙත කොච්චිකඩේ ප්‍රදේශයෙන් මතුවෙමින් ඇති විරෝධයයි.
කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම නිමල් ලංසා විසින් මිගමුව මහනගර සභාවේ සියළු සම්පත් භාවිතා කරමින් මෙසේ සිය මැතිවරණ ප්‍රචාරක වැඩකටයුතු සංවිධානය කරමින් සිටි.
ඒ සියල්ල සදහා වැය වන්නේ මහජන මුදල්ය.
මේ අතර නිමල් ලංසා විසින් සිය මුහුණු පොතේ අපුරු සටහනක් තබා තිබුණි.
එනම් අනික් අය රාජ්‍ය දේපල තවමත් භාවිතා කරද්දි තමන් නම් එසේ නැතැයි කියාය.nimal L