5000 ගෙවා ඇත්තේ සමෘද්ධි අරමුදල්වලින් : මිලියන 26,000ක් ඉවත් කරගෙන ! – anidda.lk විශේෂ හෙළිදරව්ව

0
342
email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
කොවිඞ්-19 ඇඳිරි නීති තත්වය තුළ ආදායම් අහිමි වූ පුද්ගලයන්ට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීම සඳහා මුදල් ලබාගෙන ඇත්තේ රට පුරා විසිරී සිටින සමෘද්ධිලාභීන්ගේ අනිවාර්ය ඉතුරුම් ඇතුළු ඔවුන්ගේ

සුභසාධනය සඳහා ඇති අරමුදල්වලින් බව වාර්තා වේ.

ඒ අනුව එම මුදල් ගෙවීම සඳහා රටේ විවිධ ප්‍රදේශවල පිහිටි සමෘද්ධි බැංකුවල හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුදල්වලින් මුදල් ලබාගෙන ඇත.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අපගේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම රුපියල් 5000 දීමනා ගෙවීම සඳහා රුපියල් මිලියන 26,000ක පමණ මුදලක් සමෘද්ධි අරමුදල් භාවිත කර ඇති බවයි.

මැයි 03 වැනිදා සිරස නාළිකාවේ ‘නිව්ස්ෆස්ට්’ වෙත අදහස් දක්වමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි ප්‍රකාශ කර තිබුණේ ජීවනෝපාය අහිමි ලක්ෂ 17ක පිරිසකට දීමනා ගෙවීමට රුපියල් මිලියන 8015ක් පමණ වියදම් කළ බවය.

සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 25ක් වෙත මුදල් ලබාදීම සඳහා රුපියල් මිලින 12,627ක් වියදම් කළ බව ඔහු කියා තිබුණි.

”’නිව්ස්ෆස්ට්’ වෙත අදහස් දක්වමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි ප්‍රකාශ කර සිටියේ ජීවනෝපාය අහිමි ලක්ෂ 17ක පිරිසකට දීමනා ගෙවීමට රුපියල් මිලියන 8015ක් පමණ වියදම් කළ බවය. සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 25ක් වෙත මුදල් ලබාදීම සඳහා රුපියල් මිලියන 12,627ක් වියදම් කළ බව ද ඔහු සඳහන් කළේය.
ඔහු කියන ආකාරයට එම දිනය දක්වා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 20,642කි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නමින් ලංකා බැංකුවේ ඇති අංක 7041562 දරන ගිණුම මගින් එම මුදල් ගෙවීම් කර තිබෙන අතර රටේ විවිධ ප්‍රදේශවල සමෘද්ධි බැංකු ගිණුම්වල ඇති මුදල් එම ගිණුමට බැර කර තිබේ.

විශාල පිරිසකට අසාධාරණ ලෙස මෙම දීමනාව ලබාදී ඇති බවට චෝදනා:

hqdefault
මැතිවරණය ඉලක්ක කරගනිමින් දේශපාලන හිතවාදීන් විශාල පිරිසකට අසාධාරණ ලෙස මෙම දීමනාව ලබාදී ඇති බවද චෝදනා එල්ලවී තිබුණු අතර එලෙස වියදම් කර ඇති මුදල් වැඩි ප්‍රමාණයක් ස්ථාවර තැන්පතු ආදි ආයෝජනවල යොදවා තිබුණු මුදල් බව වාර්තා වේ.

ඒ අනුව ලංකා බැංකුවේ අංක 76488889 දරන ස්ථාවර තැන්පත් ගිණුමෙන්ද මුදල් ලබාගෙන තිබේ. මීට අමතරව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් ලංකා බැංකුවේ ඇති අංක 3417925 දරන ගිණුමෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නමින් ඇති පෙර කී ගිණුමට මුදල් බැර කර තිබේ.

ඒ අනුව දෙපාර්තමේන්තුව සතු එම ගිණුමෙන් සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ගිණුමට,
– අප්‍රේල්  03 වැනිදා රු. මිලියන 2,940ක්,
– අප්‍රේල්  09 වැනිදා රු. මිලියන 55ක්, රු. මිලියන 936ක්, රු. මිලියන 1,435ක්,
– අප්‍රේල් 15 රුපියල් මිලියන 1,435ක්,
– අප්‍රේල් 17 වැනිදා රුපියල් 9,721ක් ආදි වශයෙන් මුදල් යොමු කර ඇත.

(ලසන්ත රුහුණගේ / තරිඳු උඩුවරගෙදර)

[ ‘අනිද්දා’ ඊ පුවත්පතින් උපුටා ගන්න ලදී –  anidda.lk )