බුලත් විටි කඩ ,මාළු ලෙල්ලම් ඇතුළු හැමතැනම විකුණන මුඛ ආවරණ ගැන ප්‍රමිතිය බලන්නේ කව්ද ?

0
329
මංකුලිය මාළු ලෙල්ලමේ මුඛ ආවරණ අලෙවිය
මංකුලිය මාළු ලෙල්ලමේ මුඛ ආවරණ අලෙවිය
මංකුලිය මාළු ලෙල්ලමේ මුඛ ආවරණ අලෙවිය

මුඛ ආවරණ පළදින්නේ නැතිව දැන් පාරට බහින්නට බැරි තරම් නිතිය තද වි තිබේ. මුඛ ආවරණ නැති අයෙකු පොලිසියෙන් දුටුවොත් බැණුම් කෝටියක් අසාගන්නට එයම ප්‍රමාණවත්ය.
ඇතැම් පොලිස් නිළධාරින්ට දැන් මේ මාස් භිතය හිස්පොල්ලේ ගොස් ඇති සෙයකි.පසුගිය දිනක මිගමුව කොච්චිකඩේ උසස් පොලිස් නිළධාරියෙකු විසින් මෝටර් රථයක් ඇතුලේ මුඛ ආවරණයක් පැළද නොසිටි අයෙකුටද බැන වදින අයුරු එය පුවතක් යැයි සිතා වාර්තා කර තිබුන නිසාවෙන් අපද දැනගතිමු.
රණවිරු සැමරුමේදි රටේ නායකයා මුඛ ආවරණයක් පැළද නොසිටියද අද රටම එය පළදි.
මේ නිසාම දැන් මුඛ ආවරණ තැනක් නොතැනක් නැතිව විකිණිමෙන් තිබේ.
පසුගිය දිනක අප දුටුවේ බුලත්විට කඩයක බුලත් විටද සමගින් මුඛ ආවරණ විකුණන අයුරුය. මිගමුව ලෙල්ලමේද යතුරු පැදියකින් පැමිණ අයෙකු මුඛ ආවරණ විකුණමින් සිටිනවා ඇසගැටුණි.
සමාන්‍ය ජනයා ගැවසෙන තැන්වල ඒ ආකාරයෙන් මුඛ ආවරණ විකිණිම එක්තරා අන්දමකට හොද දෙයකි. මන්දයත් එය සාමාන්‍ය ජනයාට වඩාත් සමිප නිසාය.
එහෙත් ගැටලුව ඇත්තේ ෆාමසි වල සිට ලෙල්ලම දක්වා පරාසයක අලෙවි කරනු ලබන මේ මුඛ ආවරණවල ප්‍රමිතිය ගැනය.
වෛරසය තමන් තුලට ඒම වලකා ගැනිමට ප්‍රධාන සාධයක් ලෙස මුඛ ආවරණය ක්‍රියාකරන්නේ නම් පමණක් එය සැබැවින්ම ආරක්ෂාකාරිය.එසේ නොවන්නේ නම් සිදුවන්නේ ආදාල බලධාරින්ගෙන් හෝ සමාජයෙන් ගැලවි යාමට පමණක් එය යොදාගැනිමය.
පසුගිය දිනක පාරිහෝගික අධිකාරිය කියා තිබුනේ මුඛ ආවරණ ඇතුළු තවත් අයිතමයන් කිපයක් ගැන ප්‍රමිති පරික්ෂාවක් නොපමාව සිදුකරන්නට නියමිත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here