ගරු ශිරාන් පියතුමෙනි, ඔබට සුබ ගමන්……..

0
186

Fr.shiran

(GERMANY OUT) LKA, Sri Lanka, Negombo: Father Shiran, leader of the Don Bosco technical center and a trainee working on a maschine (Photo by Markus Matzel/ullstein bild via Getty Images)
(GERMANY OUT) LKA, Sri Lanka, Negombo: Father Shiran, leader of the Don Bosco technical center and a trainee working on a maschine (Photo by Markus Matzel/ullstein bild via Getty Images)

FB_IMG_1590282312621.රට පත්ව ඇති මේ අර්බුදකාරි වාතාරණය තුල එහි අනිවාර්ය ප්‍රතිඵලය ලෙසින් සමාන්‍ය ජනයා අනිවාර්යෙන්ම පිඩාවට පත්වන යුගයක ඒ පිඩිත ජනයා වෙනුවෙන් සැබැවින්ම පෙනි සිටින්නට විශාල හදවතක් සහිත වු අයෙකුගේ වියෝව අද අලුයම දැනගන්නට ලැබුණි.
කපටි දේශපාලකයන් හමුවේ වුව කොන්ද නොනැමු මේ එඩිතර මිනිසා නම් දෝන බොස්කෝ ආයතනයේ ගරු ශිරාන් කැරව්ගොඩ පියතුමාය.
මුහුණු පොතේ සටහන්ව තිබුනේ ඔහු අප හැර ගොස් ඇති බවය.ඒ ප්‍රංශයේ පැරිස් නුවර සිය දූත මෙහෙවරේ යෙදි සිටියදිය.
තවමත් විස්තර හරි හැටි නොදන්නේ වුව ඔහු පිලිබදව වු අපේ මතකය අපවද අවදිකර ඇත.

 

FB_IMG_1590283303132ඒ  2005 සහ 2008 යන කාලයයි. එකල සුනාමි ව්‍යසනය අවස්ථාවේදී මීගමුවේ සුනාමි නිසා විපතට පත් ජනතාවට විශාල මෙහෙවරක් කළ  ආයතන අතර බොස්කෝ ආයතනය ද අමතක කළ නොහැක.විපතට පත් ජනයාගේ පිඩාවන් ඉතා හොදින් තේරුම් ගනිමින් ඒ අය වෙත දැක්වු සහෝදරත්වය සැබැවින්ම අගනේය.
එමෙන්ම මීපුර පුවත්පත මුල්වී ආරම්භ කළ නගර සංවර්ධනය පිළිඳව සැකසූ අලුත් වැඩසටහනට බොස්කෝ ආයතනයේ ප්‍රධානී ගරු ශිරාන් කැරැව්ගොඩ පියතුමා විශාල දායකත්වයක් ලබාදුන්නේය.
දොන් බොස්කෝ ආයතනයේ තේ ගැන ද අපට ඇත්තේ විශේෂ මතකයකි.
එකල පැවති රැස්වීම් මෙන්ම උත්සව වාර්තා කරන්නට යන අපට බොස්කෝ  ආයතනයේ  කුස්සියෙන් ලැබෙන්නේ උණු උණුවේ සෑදූ පොරණුවේ සැකසූ බනිස් හෝ මාලු පාන් වැනි දෑ වන අතර අප එහි ගිය විට තේ බොන්නේ ද ඉතාම කැමැත්තෙනි.
කුසලතා පුහුණු මධ්‍යස්ථානයක් බැවින් බොස්කෝ ආයතනයේ පිළිවෙල හා අලංකාරයද ඇති ස්ථානයකි. එමෙන්ම  කිතුණු පියතුමන්ලාගේ විණයානුකූල හැඩගැස්මෙන්ද එහි අලංකාරයට  විශේෂත්වයක් එක්වී ඇත..

2006 පමණ කාලයේදි අප විද්වතුන් රැසකගේ දායකත්වයෙන් සැකසුන මිගමුව සංවර්ධන සැලැස්ම වෙනුවෙන් ස්ථාපිතවු කමිටුවේ ගරු ශිරාන් පියතුමා ඒක ප්‍රධානියෙකු විය.
ඉදිරිපත් කළ නගර සංවර්ධන සැලසුම් සකස් කිරීමට මෙන්ම පිළිගන්වන්නට ද ගරු ශිරාන් පියතුමා විශාල මැදිහත්වීමක් සිදුකළේය.
එමෙන්ම සුනාමියෙන් අවතැන් වූ ජනයාට ස්ථීර පදිංචි ස්ථාන ලබාදෙන තෙක් ඔවුන් ජීවත්වූ තාවකාලික කදවුරේ පැවැත්වූ බොහෝ වැඩසටහන් වලදී ඔහු සහභාගී වූ අතර එම ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්න වලදී පියතුමාගේ ද මැදිහත්විම  නිරන්තරයෙන් ලැබුණි.

ශිරාන් පියතුමා බොහෝ අවස්ථාවල අපව අමතා බොස්කෝ ආයතනයේ දරුවන්ගේ දස්කම් ගැන යමක් වාර්තා කරන්නට යැයි  ඇරයුම් කරයි. නැතිනම් ඔහුම පැමිණ බොස්කෝ දරුවන්ගේ ක්‍රීඩා ජයග්‍රහණ පිළිබදව විස්තර ගෙනවිත් දෙයි. මීගමුවේ සංවර්ධනය හා ඒ පිළිබදව යම් සාකච්ඡා මෙන්ම රැස්වීම් තිබූ බොහෝ තැන්වලදී ඔහුගේ දායකත්වයත් සහයෝගයත් නිතැතින්ම ලබාදුණි..
දරුවන් විනාශ කරන මත්තුඩු උවදුරට එරෙහිව කවදත් ඔහු කෙලින් කථා කළේය.
රටේම කථාබහට ලක්වු පාපන්දු කණ්ඩායමක් දොන් බොස්කෝ ආයතනය තුල ගොඩනගන්නටද ඔහු සැබැවින්ම දායකවිය.
එකල දොන් බොස්කෝ ආයතනය හා අප අතර සම්බන්ධතාවය සෑදූ ප්‍රධාන පුරුක ගරු ශිරාන් කැරැව්ගොඩ පියතුමා  බව දැනුදු  සිහිකරන්නේ  ඉතාමත් ගෞරවයෙනි.
මෙම සිදුවිම්  යම් ඉතිහාසයකට අයත් සිදුවීම් වුවත් ඒවා සුන්දර මතකයන් වේ.දැන් නම් ඒ සියල්ල සදාකාලික මතක පොතට එක්ව හමාරය.
ඔහු මීගමුවට බොහෝ සේ ආදරය කළ ඇලුම් කළ පියතුමෙක් බව අදටත් ගෞරවයෙන් සිහිපත් කරමු.
එවන් ගරු පියවරුන් අපට අවැසිම යුගයක ගරු ශිරාන් පියතුමාගේ මේ හදිසි වියෝව සැබැවින්ම යුක්තිය සාධාරණත්වය අගයන සැමට දරාගත නොහැකි පාඩුවකි.