කොවිඩ් සමයේ අසාධාරණකම් ගැන පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් පැමිණිලි 15000ක්

0
56

WorkplaceStressපසුගිය මාස දෙකක කොරෝනා ව්‍යාප්තිය පැවති කාලය තුලදී පමණක් පෞද්ගලික අංශයේ සේවකයන්ට බලපෑ ගැටලු සම්බන්ද පැමිණිලි 15,000කට ආසන්න සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලැබී ඇතැයි වාර්ථා වෙයි.

ලැබී ඇති පැමිණිලි වලින් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ සේවකයන් සේවයෙන් ඉවත් කිරීමට සහ වැටුප් නොගෙවීම හෝ වැටුපින් කොටසක් නොගෙවීම සම්බන්ධ ගැටලු සම්බන්දයෙන් බව  නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් සරත් අබේගුණවර්ධන පවසයි.

එම පැමිණිලි පිළිබඳ විමර්ශනය කිරීමේදී  සේව්‍ය සේවක දෙපාර්ශ්වය කැඳවා සමථකරණය ඔස්සේ විසඳීමට උපරිමයෙන් උත්සාහ කරන අතර යම් හෙයකින් එම උත්සාහයන් අසාර්ථක වුවහොත් අනිවාර්යයෙන්ම පවතින නෛතික ක්‍රියාමාර්ග ඔස්සේ සේවකයන්ට සහන සැලසීමට කටයුතු කරන බවද ලේකම්වරයා සදහන් කර ඇත.