මැක්ස් ඝාතනයේ සැකකරු විශ්‍රාමික පොලිස් අධිකාරිගේ ඇප අවලංගුයි ! මැයි 29 දක්වා රක්ෂිත බන්ධනාගාරයට !

0
253

මැක්ස් නඩුවමැයි මස 07 වන වෙසක් පොහෝ  දින මීගමුව පෙරියමුල්ලේදී උදෑසන 6.15ට පමණ වෙඩිතබා ඝාතනය කළ මැක්ස් නම් සුනඛ සුරතලාගේ ඝාතන නඩුව අද මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්විණි.
පසුගිය 18 වනදා පැවති නඩු වාරයේදී අගයතියට පත් පාර්ශවය වෙනුවෙන්  ඉදිරිපත්වු  නිතිඥ අසාන් මහතා මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු වන පොලිස් සේවයේ හිටපු ක්ලෙමන්ට් ප්‍රනාන්දුගේ ඇප අහෝසි කරන මෙන් අධිකරණයේදී ඉල්ලා සිටින ලදී.
ඒයට හේතුව ලෙස ඔහු දක්වා තිබුණේ ඝාතනය වූ දින සවස පොලීසිය විසින් සැකකරුව වැඩබලන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත්කිරීමේදී මෙම ඝාතනය වෙඩිතබා සිදුකරන ලද ඝාතනයක් බවට මීගමුව පොලිසිය කරුණු වසංකර ඇතැයි චෝදනා කරමිනි.
ඒ අනුව අද මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වන රාජින්ද්‍රා ජයසූරිය විසින් මැක්ස් ඝාතනයේ සැකකරුවන විශ්‍රාමික පොලිස් අධිකාරි ක්ලෙමන්ට් ප්‍රනාන්දුගේ ඇප අහෝසි කර ඔහුව 29 වනදා  දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.