”හූල්” ගේ ඉල්ලිම මිගමුවේත් ක්‍රියාත්මක කරමු ! දුෂිත වංචනිකයන්ට ඡන්දය නොදෙමු !

0
247

Hooleeමේ දිනවල අධිපති වොයිස් කට් මාධ්‍ය ධාරාවේ කටගැස්ම බවට පත්ව ඇත්තේ මැතිවරණ කොමිසමේ රාජන් හූල්ය.ඔහු සිය අදහස් නොබියව නොවලහා කෙලින්ම කියන කෙනෙකි.ඒ නිසාම ඔහුට එරෙහිව පොහොට්ටු දේශපාලනය විසින් මේ දිනවල වෛරීත්වය නිර්මාණය කරගෙන යමින් සිටි.එහි ප්‍රතිපලයක් ලෙස පාරක් විවෘත කරන්න ⁣එන දේශපාලකයාගෙන් වොයිස් කට් මාධ්‍ය අයියලා මල්ලිලා හූල් ගැන අසයි.හූල් කියු දේ කොයි පක්ෂයකත් සිටින වංචනිකයන්ට අදාලය.ඔහු කියා ඇත්තේ වංචනිකයන්ට ඡන්දය නොදෙන ලෙසය.වැඩිම වංචනිකයන් පිරිසක් පොහොට්ටුවට මෙය රිදිම කාටත් තේරුම් ගත හැකිය.
උවිදු

මේ තියෙන්නෙ මාර්තු 12 කියන ව්‍යාපාරය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි අනුමත කර ගත්ත මූලධර්ම. හූල් කියන්නෙ මේ මූලධර්ම සෙට් එක මැතිවරණ කොමිසමත් එන්ඩෝස් කරා. ඒ කියන්නෙ කොමසාරිස්ල තුන් දෙනාම එතන හිටිය. මහින්ද දේශප්‍රිය තමා ප්‍රධාන දේශණය කරේ මේ ප්‍රතිපත්ති එන්ඩෝස් කරල. ඒ උඩ ඉඳන් තමා එයා වංචාකාරයින්ට ජන්දෙ දෙන්න එපා කිව්වෙ කියල. ඉතිං වරදක් ද කරල තියෙන්නෙ?
(උපුටා ගැනිම උවිදු කුලකුලසුරියගේ face book පිටුවෙනි )

 uvindumarch 12 th

සැබැවින්ම හූල් කියා ඇති ඒ සත්‍යය මීගමවුටද බෙහෙවින්ම අදාලය.පොහොට්ටුවෙන් මිගමුවට ඡන්දය ඉල්ලන්නේ රටම දන්නා වංචනිකයෙකි.එබැවින් ඔහු පැරදිම අංක එකට ගතයුතු කරුණව පවති.අනික් අපේක්ෂකයන් දෙස බැලුවද ඒ අයද සිය දේශපාලන භුමිකාව සැබැවින්ම ජනතාවාදි ලෙස කලේද යන ප්‍රශ්ණය මතුවේ.ඒ අරුතෙන් ගත්කළ මාලිමාවේ අපේක්ෂකයා පමණක් මිගමුවේ කලු සල්ලි දේශපාලනයට එරෙහිව අවංකව සටන්කාමි ලෙසින් ඔහුට හැකි පමණින් මැදිහත්ව ඇත.මීගමුවේ බුද්ධිමත් ඡන්දදායකයාට තීන්දුවක් ගැන හිතන්නට ඇත්තේ එක් අයෙකු ගැනය.හුල්ගේ සටන මීගමුවටත් ගේමු.චංචනිකයන් පරදවමු.