මීගමු රෝහලේ අක්‍රමිතා ගැන ප්‍රශ්ණ කළැයි විශේෂඥ වෛද්‍ය ලක්කුමාරගෙන් මිපුරට එරෙහිව පැමිණිල්ලක් !

0
74
සෞඛ්‍ය ඇමතිවරයාට දුරකථනයෙන් පැමිණිලි ළ අවස්ථාව වෛද්‍ය ලක්කුමාර මහතාද සිටි.

Dr-Lakumarපසුගිය කාලය පුරාම මිගමුව රෝහලට අදාල විවිධ අක්‍රමිකතා ගැන මිපුර වෙබ් අඩවිය විසින් දිගින් දිගටම කරුණු හෙළිදරව් කරන්නට යෙදුණි.එකි අක්‍රමිකතා වලට විවිධ අයුරින් වගකිව යුතු පිරිස් ගැනද අප තරාතිරම නොබලා හෙළි කළෙමු.
මේ වන විට මිගමුව රෝහලේ ඇතැමුන් තමන්ට සම්බන්ධතා  ඇති දේශපාලන බලවතුන්ගේ හයිය ගෙන සිදුකරමින් සිටින ගේම් සහ ඩිල් ගැනද අප විසින් හෙළිකර ඇත්තෙමු.
පසුගිය දිනක අප ඇමතු මිගමුව පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර යන අය විසින් මිපුර වෙබ් අඩවියට එරෙහිව මීගමුව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවය.
ඒ ඔහුගේ කිර්තිනාමයට හානි කලා යැයි සදහන් කරමිනි.
මිගමුව රෝහලේ අක්‍රමිකතා හෙළිකරද්දි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ කිර්ති නාමයට හානි වෙන්නේ කෙසේ දැයි අප නම් නොදනිමු.මාස තුනකින් හදා දෙන්නට පුලුවන් යැයි කියා විශේෂඥයන් හදුන්වා දෙමින් ඒ වෙනුවෙන් වෙන්වු මුදල්ද තිබියදි වසර ගණනාවක් යනතුරුත් රෝහලේ මහල් ගොඩනැගිල්ලේ කටයුතු නිමනොවන්නේ නම් එය බරපතල ගැටලුවකි.
එමෙන්ම දැඩි සත්කාර ඒකක ඉබියතුරු දමා වසා ඒවා පුද්ගලික බුදලයක් සේ අයෙකු තම බලපුලුවන්කාර කම පෙන්වා කරන්නේ නම් ප්‍රතිපත්ති ගරුක මාධ්‍යවේදින් ලෙසින් අප කිසිවිටකත් නිහඩ නොවෙමු.
තමන්ට ඇති දේශපාලන හිතවත් කම් මත කපටි රංගනයන්ගේ යෙදෙන රෝහලේ අය ගැන අප ඉතා හොදින් දනිමු. ඒ අයට ඇත්තේ මිගමුවේ ජනයා ගැන ආදරයකට වඩා පුද්ගලික න්‍යාය පත්‍රයන් පිළිබද උවමනාවන්ය.
එවන් සටකපට චරිත සහ ඒ චරිත මේ දිනවල සිදුකරමින් සිටින විවිධ රඟපැම් ගැනද අප නිරන්තර අවදියෙනි.
කෙසේ වෙතත් කාගේ කිර්තිනාමයට හානියක් සිදුවුවද අප මිගමුව රෝහලේ අක්‍රමිකතා ගැන කොන්දේසි විරහිතව එදත් අදත් හෙටත් හෙළිදරව් කරන්නෙමු.
ගල උඩ කැත කර ඇති බළලුන් සිටිනම් ඒ ගැන අපට කරන්නට දෙයක් නැත.