මීගමු රෝහල් පාලනය දේශපාලන අතපෙවිම් වලින් බේරා ගනිමු !

0
68

NGB hospitalමීගමුව රෝහල යනු මේ කලාපයේ සිටින අතිවිශාල ජනතාවගේ සෞඛ්‍යමය අයිතිය රැක දිමට ඇති එකම තැනයි.එහි පිහිටිමේ වැදගත් කමද හේතුකොට ගෙන මීගමුව රෝහලේ ඇති විශේෂත්වය තවත් ඉහල ගොස් තිබේ.
මේ පසුබිම යටතේ මීගමුව රෝහල දේශපාලන බලපෑම්වලින් සහ අධිකාරවාදින්ගෙන් බේරා ගැනිම මේ වන විට අභියෝගයක්ව පවති.
ඉතිහාසය පුරාම මිගමුව රෝහලට ස්ථිර අධ්‍යක්ෂකවරුන් පත්ව ආවේ නැත.
කලින් කල වරින් වර පැමිණ තිබුනේ වැඩබලන අධ්‍යක්ෂකවරුන්ය.
ඒ බොහෝ අය සිය උසස් අධ්‍යාපනයට අවැසි පසුබිම් සකසා ගන්නා තෙක් රැදි සිටින තාවකාලික ආයතනික නවාතැන් පොල වි තිබුනේ මිගමුව රෝහලයි.
මේ නිසාම මිගමුව රෝහලට එය දැඩි ලෙස පසුගිය දශක ගණනාව පුරාම බලපා තිබුණි.
මේ නිසාම මිගමුව රෝහල පළාත් සභා පාලනයෙන් මුදවාගෙන මධ්‍යම රජයේ පාලනය යටතට පත්කර ගැනිමේ ප්‍රබල අවශ්‍යතාවය දිගින් දිගටම කල් ගොස් තිබුණි.
එබැවින් මිගමු ජනයාගේ සහ අවට අවැසිතා වලට ප්‍රමුඛත්වය සපයන මේ කලාපයේ ඉහලම රෝහල බවට මිගමුව පත්කර ගත යුතුව තිබේ.
එහිදි රෝහල තුල දැනටමත් ක්‍රියාත්මක විවිධ දේශපාලන පිල්ලිවල බලපෑමෙන් රෝහල් පරිපාලනය මුදවා ගෙන එය ශක්තිමත් කළ යුතුව තිබේ.
මීගමුව රෝහලට සෑබෑවට ආදරයක් ඇති සැමගේ මේ මොහොතේ වගකිම බවට එය දැන් පත්ව තිබේ.