ජයවීර ලංසා ගැටුම දුර දිග යන ලකුණු ?

0
126

MC jayaweeraමීගමුව මහ සභා රැස්විම් සාමාන්‍යයෙන් උණුසුම් නැත. එයට හේතුව වන්නේ කප්පරක් වංචා දුෂණ අක්‍රමිකතා පැවැතියද ඒවා කොන්ද කෙලින් තබාගෙන ප්‍රශ්ණ කරන්නට විපක්ෂයක් නැතිවිමය.
එබැවින්  වෙනන් නගර වලදි මෙන්ම මිගමු දේශපාලනය උණුසුම් නැත.
පසුගිය මහසභා රැස්විම යම් තරමකට උණුසුම් වි තිබුනේ ආණ්ඩු පක්ෂයේ අර්බුදයක් හේතුකොට ගෙනය.
ඒ කලක් තිස්සේ පැවැති දයාන් ලංසා ජයවිර විරසකය පුපුරා යැම හේතුවෙනි.
දැන් අර්බුදය වර්ධනය වෙමින් තිබේ.
ඒ මැතිවරණයක් මුව විටේ තිබියදි ය.
එමෙන්ම නිමල් ලංසා සිය මනාප සටන තුල අවදානම් කලාපයක සිටියදිය.
දැන් හැප්පෙන්නේ පොහොට්ටුවේම දේශපාලකයන්ය.
ඒ හිටපු නගරාධිපති සහ වත්මන් නගරාධිපතිය.
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බව දැන් පෙනි යමින් තිබේ.
ඒ මීගමුවේ මනාප සේවිම සදහා ගම්පහ වඩාත් ප්‍රබල අපෙක්ෂකයන් රැසක් දැනටමත් අවතිර්ණ වි ඇති පසුබිමකය. එ
මෙහිදි දැනටමත් ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටු දේශපාලකයන් අතර කොන්විමකට ලක්ව ඇති නිමල් ලංසාට එරෙහිව මිගමුව තුල එකි පොහොට්ටුවේ ක්‍රියාකාරිත්වය අනිවාර්යෙන්ම ප්‍රබල වනු ඇත.
එයට සහය දිමට දැනටමත් මිගමුවේද ප්‍රබල පොහොට්ටු ක්‍රියාකාරිකයන් පිරිසක් ඉදිරියට පැමිණ තිබේ.
එය බඩු බෙදිමේ දේශපාලනය හරහා ගොඩදා ගැනිමට නොහැකි තරම් දැවැන්ත අභියෝගයකි.
අනික් දේශපාලකයන් බොහෝ දෙනෙකුට නැති තවත් අවාසියක් නිමල් ලංසාට තිබේ.
එනම් සමාජ මාධ්‍ය ඔස්සේ කිසිදු  ජනප්‍රිය  ප්‍රචාරක වැඩකට යෑමට ඇති නොහැකියාවය.
නිමල් ලංසාගේ බැනරයක් පොස්ටරයක් දුටු  සැනෙන් එයට එරෙහිව දැවැන්ත විරෝධයක් පච කිරිමක් දැනටමත් සමාජ මාධ්‍ය ඔස්සේ මතුවෙමින් තිබිමය.
මෙය නිමල් ලංසාට දැනට මුහුණ පැමට සිදුව ඇති බරපතලම අභියෝගයයයි.
කොයිතරම් සල්ලි විසිකර මාධ්‍ය ඔස්තාර්ල නඩත්තු කළද ඒ අභියෝගය ජයගැනිමට නිමල් ලංසට නොහැකි වනු ඇත.