නිරෝධායන කොන්දේසි නොතකා හැසිරුණු කොල්ලුපිටිය පොලිසියට වෙච්ච දේ ?

0
253

FSP 1කොල්ලුපිටිය පොලිස් වසමට අයත් ඇමෙරිකානු තානාපති කාර්යාලය අසළදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරනලද උද්ඝෝෂණය මැඩපැවැත්වීමේ රාජකාරියේ නිරතවූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනය සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබන අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා ඇති බව ලංකාදිප වෙබ් අඩවිය සදහන් කර තිබේ.ඉන් කියැවෙන්නේ කොරෝනා අවදානම් නොතකා නිරෝධායන කොන්දේසි නොසලකා පිස්සන්ට හැතැම්ම නැති සේ පොලිසියේ නිළධාරින් ක්‍රියාත්මක වි ඇති බව නොවේද ?????කොල්ලු පොලිස්
මේ රට කොයිතරම් නම් ආරජිකදැයි පෙනෙන්නේ කොරෝනා පාලනයට අදාල නිරෝධායනය භාවිතා කිරිම කළ යුත්තේ කෙසේදැයි රටටම උපදසේ දෙන ඒය නිරික්ෂණය කරන්නට වගකිම් පැවරි ඇති ශ්‍රිලංකා පොලිසිය පසුගියදා කොල්ලුපිටියේදි හැසිරුන අන්දම සලකා බලන විටය.
ඒසා මෝඩ පරිචයක් පෙන්නම් කළ පොලිසියේ 30 ක් දැන් නිරෝධායනයට යොමුකිරිමට පොලිස් ලොක්කෝ තින්දු ගෙන ඇත.
මෙවන් රටක මැතිවරණය කෙබදු විය හැකිදැයි සිතා ගැනිම දැන් භාරව ඇත්තේ පුරවැසියන්ටය.