යාචකයන්ගේ කුසගිණි නිවන්න තරුණ පිිරිසක් මුල් වු හැටි ……

0
126

NGB youth team 3NGB youth team 6කොරෝනා වසංගත  තත්වය හමුවේ පසුගිය කාලය තුල යාචකයන් පවා පත්ව තිබුනේ දැඩි අපහසුතාවයකටය. කෑම සපයා ගැනිම මෙහදි ඔවුන් මුහුණ දුන් ප්‍රධානතම ප්‍රශ්ණය වුවාට සැක නැත.
මේ පසුබිම මිගමුවේ තරුණ පිරිසක් පසුගිය ඉරුදින මිගමුව ඇතුලු ප්‍රධාන නගර 3 ක යාචකයන් ගැන කරන්නට යෙදුන සමික්ෂණයක්ද පදනම් කරගෙන ඒ අයට ආහාර වේලක් ලබා දෙන්නට පියවර ගෙන තිබුණි.NGB youth 3NGB youth 10
මේ වැඩසටහනට මුල්ව කටයුතු කරන ලද සුදේශ් මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ ඇදිරි නිති සමය තුලදි විදි සුනඛයන්ට ආහාර ලබාදිමට දියත් කරන ලද වැඩසටහනකදි එතැනට පැමිණි එක් යාචකයෙකු ඉන් බත් ටිකක් ඉල්ලා සිටිම මෙවන් වැඩසටහනක් සංවිධානය කිරිමට තම කණ්ඩායම පෙළඹවු බවය.
ඔවුන් විසින් කරන්නට යෙදුන සමික්ෂණයට අනුව මිගමුව,කටුනායක,කොච්චිකඩේ යන නගර වල යාචකයන් 172 ක් මෙම සමික්ෂණයේදි ඔවුන් විසින් හදුනාගෙන තිබේ.
මේ ආහාර බෙදා දිමේ වැඩසටහනට මිගමුව පොලිසියේ උකුස්සා විශේෂ ආරක්ෂක ඒකකයේ නිළධාරින්ද එක්ව සිටියහ.NGB youth team 1NGB youth team 7NGB youth team 6