මීගමුව යනු සුපිරි වංචනිකයන් රාජ්‍ය සේවය තුලින්ම බිහිවෙමින් ඇති ලංකාවේ ප්‍රධාන නගරයකි. කප්පරක් හොරකම් වලට ප්‍රසිද්ධ දේශපාලකයන් සිටින මිගමුවේ ඒ අයට ආවතේව කම් කිරිම නිසාම හොරකමට පුරුදු වු නිළධාරින් පමණක් නොව දැන් නිළධාරිණියන්ද සිටිති.
ඒ අයගේ තනතුරුවල දිග පළල විමසන කළ පුදුමවනු නියතය.
මේ එක් නිලධාරිණියක් ගැන අපුරු කථාවක් පසුගියදා වාර්ථා විය. ඇය සිය පුද්ගලික මෝටර් රථය භාවිතා කරන්නේ යැයි කියා එයට මාසික ලොකුමුදලක්ද ආදල ආයතනයෙන් ලබාගනි.
මේ නිලධාරිණිය තමන්ගේ වාහනයෙන් ආයතනයට පැමිණ , ආයතනයේ රියදුරුයෙකුද එකි වාහනයේ සේවයට යොදවා තමන්ගේ පවුලේ අයගේ පුද්ගලික කටයුතු කරගනි.
තතු එසේව තිබියදි ආයතනයේ නිල වාහනද ඇය කොළඹ යැමට භාවිතා කිරිමට පියවර ගෙන තිබේ. ඒ වෙනුවෙන් වංචනික ලෙස ව්‍යාජ ගේට් පාස්ද දැමිමට කටයුතු කර ඇති බව සැලය.
පසුගිය 12 වෙනිදා මෙම නිළධාරිණිය කොළඹ ගොස් තිබුනේ ආයතනයේ නිලරථයකිනි.
ඇය එම වාහනයද තම කටයුතු වලට යොදාගන්නේ මාසිකව තමන්ට රු 75000 ක මුදලක් සිය පුද්ගලික වාහනයට ලබාගනිමින් තිබෙන පසුබිමකදිය.