වාහන දඩ මුදල් ගෙවන්න ජුනි 30 දක්වා සහනයක්

0
346

traffic-plan

 පෙබරවාරි මස 16 වන දින හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති එහෙත් කොවිඩ් 19 වසංගතය හමුවේ නොයෙක් හේතුන් මත ගෙවීමට නොහැකිවූ රථ වාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා ජුනි මස 30 වෙනිදා දක්වා සහන කාලයක් ලබා දීමට රජය විසින් කටයුතු කර තිබේ.

පෙබරවාරි 16 වෙනිදා නිකුත් කර ගෙවීමට සම්මත කාල සීමාව ඉක්මවා ඇති දඩ පත්‍රිකා අතිරේක දඩ මුදලක් සමග ගෙවීමට හැකි බවයි තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කර  ඇති අතර මෙම දඩ මුදල් දිවයිනේ පිහිටි ඕනෑම තැපැල් හෝ උප තැපැල් කාර්යාලයකින් ගෙවීමට හැකියාව ඇත.