මීගමුවේ ගිනි නිවන රථ නිමල් ලංසාගේ කාර්යාලයේ ප්‍රතිසංස්කරණ වැඩවලට යොදවලා ?

0
162

ගිනි ලංසාමිගමුවේ ගිනි නිවන ඒකකයේ රථ ඊයේ රාත්‍රි 7.30 ට පමණ වැල්ලවීදියේ නිමල් ලංසාගේ පක්ෂ කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා යොදවා ගෙනඇතැයි වාර්ථාවේ.
මිගමුව මහනගර සභාවේ ඇති මුල්‍ය අර්බුදය නිසා එහි සේවකයන්ට අතිකාල පවා ගෙවිමට නොහැකි යැයි කියා සිටින නගරාධිපතිවරයා සිය සහෝදරයාගේ මැතිවරණ ප්‍රචාරන කටයුතු වෙනුවෙන් පළාත් පාලන නීති බල්ලට දමමින් කටයුතු කරගෙන යමින් සිටි.
මිගමුවේ මැතිවරණ නිරික්ෂණ කටයුතු වල නියැලෙන සංවිධාන දැනටමත් මේවා පිළිබදව වාර්ථා කරමින් සිටින බවද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මැතිවරණ කොමිසම වහාම මැදිහත්වි මිගමුවේ සිදුකරමින් තිබෙන පළාත් පාලන නිතියට එරෙහිව ලංසාකරණය වෙමින් තිබෙන මහනගර සභා පාලනය ගැන පියවර ගතයුතුව තිබේ.දේශපාලන අවස්ථාවාදයේ කප්පිත්තෙකු සේ ගැනෙන ගිනි නිවන ඒකකයේ ප්‍රධානියා සිය පුද්ගලික උවමනාවන් වෙනුවෙන් ගිනි නිවන ඒකකයේ සියලු සියළු නිති රෙගුලාසි කඩාදමමින් ලංසාපවුලට අතදිගහැර සිය සේවය දිවා රැ ලබාදෙමින් සිටින බවට බරපතල චෝදනාවක්ද එල්ල වි තිබේ.