මීගමුවේ දුෂිතම බන්ධනාගාර නිළධාරින් 19 කට ස්ථාන මාරු ……

0
99

NGB prisonමීගමුව මේ රටේ වංචා දුෂණ වලට කප් ගැසු පළමු පෙළේ නගරයක් බවට දැන් පත්ව තිබේ. ඉහවහා යමින් ඇති මේ දුෂණ පිටුපස සිටින දුෂිත රාජ්‍ය නිලධාරින්ව අවැසි තැන්වලට පත්කිරිම සහ ඔවුන්ව නඩත්තු කිරිම මාරුකිරිමට ඉඩනොදි තබාගැනිම පිටුපස සිටින්නේද අති දුෂිත දේශපාලකයන් මිස අන්කවරෙකුත් නොවේ.
මහනගර සභාව, පොලිසිය , බන්ධනාගාරය ඇතුළු රාජ්‍ය ආයතනවල සිටින ඉහල ප්‍රධානින්ගේ හැසිරිම් නිරික්ෂණය කිරිමේදි මේ තත්වය වඩාත් හොදින් දැකගත හැකිය.
එමෙන්ම මේ ඇතැම් දුෂිත නිලධාරින් අතර අශුද්ධ සන්ධාන පවා පසුගිය කාලය තුල ගොඩනැගි තිබුණි.
ඒ හරහා මේ අය එකිනෙකාට උදව් කරගත් අන්දමද සමිපතම මිත්‍රත්වයන් නඩත්තු කරගෙන ඇති අකාරය ගැනද දැන් මිගමුවට රහසක් නොවේ.

මීගමුව මහනගර සභාව මෙන්ම රටේම ආන්දෝලනයට පත්ව ඇති මිගමුව බන්ධනාගාරයේ විවිධ ජාවාරම් වලට ඉඩසපයමින් කටයුතු කරන ලද ලොක්කා මෙන්ම ලොක්කියන්ද ජේලර්වරුන්ටද මේ දේශපාලකයන්ගේ නොමඳ රැකවරණය පසුගිය කාලය තුල ලැබුණි..

මේ අතර පසුගිය දිනවල ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක් සිදුවූ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරුන් තිදෙනකු ඇතුලු ජේලර්වරුන් 19 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර ඇතැයි බන්ධනගාර කොමසාරිස් ජනරාල් එච්. එච්. තුෂාර උපුල්දෙණීය මහතා පැවැසු බව ලංකාදිප වෙබ් අඩවිය අද වාර්ථා කොට තිබේ.

බන්ධනාගාර පරිපාලන කටයුතු විධිමත් කර, ආයතනය යහපත් තත්ත්වයකට පත්කිරීමේ නව සැලසුම් අනුව මෙම මාරුවීම් සිදුකර තිබෙන බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා  එහි සඳහන් කරඇත.

මෙම ස්ථාන මාරුකිරීම් සඳහා ප්‍රධාන ජේලර්වරුන් හත් දෙනෙකු සහ පළමු පෙළ ජේලර්වරුන් 13 දෙනෙකු ඇතුළත්ව ඇත.
මුලාශ්‍රය – ලංකාදිප