වරාය නගරය පිළිබද අධ්‍යයන වාර්ථාව අගමැතිට ! මිගමුවේ වෙරළ ඛාදනය දිගටම !

0
230

Duwa kids 6වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ අවසන් වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දී තිබේ.

වරාය  නගර ව්‍යාපෘතිය තුළ මෙතෙක් සිදුකර ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් අධ්‍යයනය කොට තවදුරටත් එම ව්‍යාපෘතිය සාධනීයව ඉදිරියට ගෙන යාම සඳහා මෙම වාර්තාව තුළින් නිර්දේශ ලබා දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ සභාපති එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කර සිටියේ, වරාය නගරය පිළිබඳ ඇති පනතේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීම සඳහා අවශ්‍ය කෙටුම්පත් සම්බන්ධයෙන් ද මෙම වාර්තාවේ නිර්දේශ ලබා දී තිබෙන බවය.

මෙම වාර්තාවේ පිටපතක් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාට බාරදුන් අතර වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ, ප්‍රවාහන අර්ථ ශාස්ත්‍රඥ ඩී. එස් ජයවීර සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර ඇතුළු පිරිසක් සහභාගි වූහ.

වරාය නගරය නිසා මිගමුවේ වෙරළ ඛාදනය දරුණු වෙයි

මේ දිනවල මිගමුවේ වෙරළාශ්‍රිත ප්‍රදේශ කිපයක්ම දරුණු වෙරළ ඛාදනයකට ලක්ව තිබේ. පසුගිය දිනවල මිගමුව දූව ගම්මානයේ නිවාස කිපයකට මුහුදු වතුර ගැලිම හේතුවෙන් නිවැසියෝ මහත් අපහසුතාවයකට පත්ව සිටියහ.
එයට ප්‍රධාන හේතුව ලෙසින් දූව ගම්වාසින් පවසා සිටියේ වරයා නගරයට වැලි ගැනිම හේතුවෙන් එහි ප්‍රථිපල ලෙසින් අද තම ගම් දරුණු මුහුදු ඛාදනයකට ලක්වෙමින් ඇති බවය.poruthota 1
poruthota 6එමෙන්ම මිගමුවේ පෝරුතොට ප්‍රදේශයද පසුගිය කාලය තුල දරුණු වෙරළ ඛාදනයකට ලක්ව නිවාස කිපයක්ම කැඩිගොස් තිබුණි.
මිගමුවේ අතිසුන්දර මෝරවල ප්‍රදේශයේ වෙරළ අද මුළු මනින්ම මුහුදු ඛාදනය හේතුවෙන් විනාශ ගොස්ය.