මාස්ක් නොදමා දේශපාලන රැස්විම් වලට යන අය අනතුරේ ?

0
82
 lasantha meeting
කොරෝනා හෙවත් කොවිඩ් – 19 වෛරසයේ අවදානම සම්පූර්ණයෙන් පහව යනතුරු මුඛ ආවරණ නොපළඳින පුද්ගලයින්ට දඩුවම් ලබාදෙන අතර සෞඛ්‍ය නිර්දේශ පිළි නොපදින පුද්ගලයින්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොරෝනා වසංගතයේ අවදානම පහව යන තෙක් එය පාලනය කර ගැනීමට ජනතාවගේ සහය අත්‍යවශ්‍ය බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
මාස 3ක පමණ කාලයක් පවත්වාගෙන ආ අත් සේදීම, දුරස්ථ භාවය තබා ගැනීම ඇතුලු සෞඛ්‍ය පුරුදු තවදුරටත් අනුගමනය කළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය.
මෙම කරුණුවලට පටහැනිව කිසියම් අයෙක් කටයුතු කරන්නේ නම් එය නිරෝධායන නීතිවලට පටහැනිවීමක් ලෙසට සලකා නීතිමය පියවර ගනු ලබයි..
ලංකාවේ කොරෝනා පාලනයට අදාලව නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙන්ම අනෙක් බොහෝ දෙනෙකුද කරන්නට යෙදුන ප්‍රකාශ මෙන්ම නියෝගද වචන හරඹ පමණක් බව පැහැදිලිව පෙනි යමින් තිබේ.
විශේෂයෙන්ම මේ දිනවල මැතිවරණ රැස්විම් වලට එන ජනයාගෙන් අතිබහුතරයක් දෙනා මුහුණු ආවරණ පළිදින්නේ නැතිතරම්ය.එපමණක් නොව බහුතරයක්  අපේක්ෂකයෝද එසේමය.
මේ අතර සෞඛ්‍ය ඇමතිවරියද පවසා  තිබුනේ මේවා ගැන සොයා බැලිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට වගකිම පවරන බවය.