මාස 3 කට පසු ගුරුවරු හෙට පාසැල් යයි ……

0
57

Girl Doing Math Les Cayes Haiti

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දැමුණු සියලු පාසල් හෙට (29) සිට විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.පාසල් යළි විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළේය.ඉන් පළමු අදියර ලෙස හෙට සිට විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙනුවෙන් සියලුම පාසල් විවෘත කිරීමට තීරණය කර තිබේ.

පාසල් වෙත ළමුන් ගෙන්වීම ලබන මස 06 වනදා සිට ආරම්භ කිරිමට නියමිතයි.
කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් පසුගිය මාර්තු 13 වනදා පාසැල් වසා දමා තිබුණි.
ඒ අනුව මාස තුනමාරකට පමණ පසුව හෙට ගුරුවරුන් සදහා පමණක් පාසැල් විවෘත කෙරෙනු ඇත.