විරෝධතා වැලකිමේ පොලිස් තැත හලාවතදි වරදි

0
240

නිදහසේ වේදිකාව විසින් සංවිධානය කළ හලාවත විරෝධතාවය වැලැක්විම සදහා හලාවත පොලිසිය විසින් උසාවියෙන් වාරණ නියෝගයක් කළ උත්සාහය පරදවමින් හලාවත නගර සිමාවෙන් පිටතට ගොස් උද්ඝෝෂණ්‍ය පැවැත්විමට  එහි සංවිධායකයන් විසින් ගත් තින්දුව හේතුවෙන් හලාවත පොලිසිය බරපතල අමාරුවක වැටුණි.
හලාවත නගරයේ මධ්‍යයේ සිට ජනතාව එකා එකා පිටුපසින් යන්නට ගමන් ආරම්භ කිරිමම එක්තරා පෙළපාලියක් බවට පත්විය.
පොලිසිය එයට බධා පැමිණවිමට ඉඩක් ලැබුනේ නැත.
පසුව උද්ඝෝෂකයන් විසින් අත්පත්‍රිකා බෙදමින් යළිත් හලාවත සුදසුන රැස්විම් ශාලාවට පැමිණ සිය සම්මන්ත්‍රණය පැවත්විමට කටයුතු සංවිධානය කර තිබුණි.
බැදිවැව දියසේන හිමි,බ්‍රිටෝ ප්‍රනාන්දු ,නිතිඥ සුදර්ශන ගුණවර්ධන,සහ පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර ජයලත් ජයවර්ධන මුලික දෙසුම් පැවැත්වු අතර විරු සමරු ගි ගායනය ගායන ශිල්පි ජයලතික බණ්ඩාර විසින් සිදුකරන ලදි.
සභාව මෙහෙයවිම ජාතික ධීවර සහයෝගිතාවයේ කැදවුම්කරු හර්මන් කුමාර මහතා විසින් සිදු කරන ලදි.pff prest 7pff protest 1pff ptest 6pff prtest 2pff prtest4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here