රට යළිත් අර්බුදයක් කරා යමින් තිබේ .! ශ්‍රිලංකා වෛද්‍ය සංගමයද අනතුරු අගවයි ?

0
109

Covid-19-lanka-electionකොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරිමට වර්තමානයේ ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දැඩි අවධානයක් යොමු කර සිටින බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

රෝග ව්‍යාප්තිය පාලනය සඳහා අත්‍යාවශ්‍ය ක්‍රියාමාර්ග නියමිත පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් කොවිඩ් 19 වසංගතය ප්‍රජාව තුල පැතිර යාමේ දැඩි අවධානමක් මේ වන විට පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් යළිත් අවධාරණය කර තිබේ.

රට නැවතත් පුර්ව කොවිඩ් 19 යුගයේ හැසිරීම රටා වලට ආපසු ගමන් කරමින් පවතින බව නිරීක්ෂණය වන බවත් රට නැවතත් සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමේ දැවැන්ත උත්සහය විශාල වශයෙන් අසාර්ථක වනු දැකීම කණගාටුවට කරුණක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.
විශේෂයෙන්ම මැතිවරණය ඉලක්ක කරගෙන රජය ගෙන ගිය වැඩපිළිවෙල හමුවේ රට සමාන්‍ය තත්වයට හැරි ඇතැයි යන සිතුවිල්ලත් සමගින් අති බහුතරයක් දෙනා කොවිඩ් පිලිබදව පැවැති බිය නැතිකරගැනිමත් සමගින් සාමාන්‍ය තත්වයෙන් සියල්ල කිරිමට පටන් ගෙන තිබුණි.
මැතිවරණ රැස්විම් වලදි දේශපාලකයන් මෙන්ම එහි යන එන ජනයාගේ හැසිරිමම  මෙයට කදිම නිදසුනකි.
වෛද්‍යවරුන් ලෙසින් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපෙක්ෂක අපෙක්ෂිකාවන් පවා හැසිරෙන අන්දම ගැන ගම්පහ දිස්ත්‍රික්කයෙන්ම ඉතා හොදින් තේරුම් ගැනිමට හැකිව තිබේ.
මේ පසුබිම තුල රට දැන් ගමන් කරමින් ඇත්තේ බරපතල අර්බුදයක් කරාය.CA5F03BA-2A9D-40FE-A373-743A1CFCDBF9