පෝරුතොට බිච් පාක් එකේ විදුලිය යළිත් කපා දමයි !

0
190

beach-prk-4මීගමුුව  සැබැවින්ම ජනාකිර්ණය . මේ නිසාම මිගමුවේ ජනයාට සිය නිදහස විවේකය ගතකරන්නට පවතින ස්ථානවල බරපතල අඩුවක් පවති.
මේ පසුබිම තුල පෝරුතොට ප්‍රදේශයේ නිර්මාණය වි ඇති පුංචි බිච් පාක් එක අතිශය වැදගත් වේ.
විශේෂයෙන් මේ ප්‍රදේශයේ මුස්ලිම් ජනයාට සිය විවේකය ගතකිරිමට ඇති ප්‍රධාන තැනක් බවට පත්ව ඇත්තේ මේ ස්ථානයයි.
මේ අවට කඩල කරත්තකරුවන් ඇතුළු අවැසි වෙනත් පහසුකම් ද දැන් ටිකෙන් ටික නිර්මාණය වෙමින් තිබේ.
තතු මෙසේව තිබියදි දෙවන වරටත් මෙහි මෙහි විදුලිය කපා ඇත.
පළමු වරට එය සිදුව තිබුනේ පාස්කු  ප්‍රහාරයන් දින කිපයකට පසුවය.
මෙහි විදුලිය විසන්දි කිරිම සිදුකර තිබුනේ විදුලි බල මණ්ඩලය විසිනි.
එහෙත් විදුලි බලමණ්ඩලයට මෙහි විදුලිය විසන්දි කිරිමට කව්රුන් හෝ මැදිහත්විමක් කර තිබිය යුුතුය.
ලංසා පවුල දේශපාලනය කරන්නේ මීගමුවේ ජනයාට සුබසෙත සැලසිමට නොව සිය තාත්තාගේ අදායම් මාර්ග වෙනුවෙන්  වෙරළ උද්‍යානය ඇතුළු ප්‍රධාන අදායම් මාර්ග සිය පාලනය යටතේ තබාගන්නටය.
පෝරුතොට පුංචි බිච් පාක් එකක් නිර්මාණය විම යනු ලංසා පවුලේ ප්‍රධාන ආදයම් මාර්ගයට වැදිය හැකි මරු පහරකි.
සියල්ල අධික මිළකට විකිණෙන සහ බිමතින් පිරිස් හැසිරෙන තැනැක් බවට මිගමු වෙරළ උද්‍යානය පත්ව තිබිම නිසා මේ වන විට පවුල් පිටින් පෝරුතොට පුංචි බිච් පාක් එකට ජනයා පැමිණෙන්නට පුරුදු වි සිටිති.
මේ පසුබිම තුල දැන් දෙවන වරටත් එහි විදුලිය කපා ඇත.
එයට තවත් හේතුවකි. එනම් නිමල් ලංසාගේ මැතිවරණ දේශපාලනයට පෝරුතොට සහ අවට ප්‍රදේශවලින් කිසිදු ප්‍රතිචාරයක් නොලැබි තිබිමය.
එසේ නම් පෝරුතොට බිච් පාක් එකේ විදුලිය කැපෙන්නට ඇත්තේ ඇයිදැයි තේරුම් ගැනිම අපහසු නොවනු ඇත.
මීගමුවෙ බදු ගෙවන ජනයාට සිය විවේකය ගතකිරිම සදහා නිදහසේ තෝරාගත් මේ ස්ථානය විදුලිය කපාදැමිම නිසා විශේෂයෙන්ම පෝරුතොට ප්‍රදේශයේ මුස්ලිම් ජනයාට මරු පහරක්ව තිබේ.