කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව අසාදිතයන් 532 ක් !

0
374

kandakadu_1-697x394කොවිඩ් 19 රෝගය පාලනයට අදාළ විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා වන සියලු උපදෙස් ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිට ලබාදී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව කියා තිබුනේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍ලයේ ආලෝක පූජාව උදෙසා ධාර්මිකව සිදුකෙරෙන කොප්පරා පූජාවට ඊයේ (15 වැනිදා) සහභාගි වෙමිනි

ඉදිරි මැතිවරණයේ ආරක්ෂක රාජකාරි සඳහා යුද හමුදාව අනුයුක්ත කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි කී හමුදාපතිවරයා මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් මත පොලිසිය විසින් හමුදා සහය ඉල්ලා සිටියොත් ඒ සඳහා ක්‍රියාත්මක වන බවද ඔහු එහිදි කියා තිබුණි.

කොවිඩ් 19 රෝග පාලනය සම්බන්ධයෙන් තවදුරටත් කතා කළ යුද හමුදාපතිවරයා.

‘මේ වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව කොවිඩ් 19 රෝගීන් 532 නෙකු වාර්තා වෙලා තිබෙනවා. ඒ අතර එහි පුනරුත්ථාපනය වන රැඳවූවන් 444 ක්, එහි සේවය කරන උපදේශකයන් හා කාර්ය මණ්ඩලයේ 64ක් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අය 24 දෙනකු සිටිනවා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් සියලු දෙනා මෙන්ම කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ ඊට අමතරව ආශ්‍රිතයන් ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකොට තිබෙනවා. මෙය කොවිඩ් රෝගී පොකුරක් වශයෙන් මිස දෙවන රැල්ලක් වශයෙන් හඳුන්වන්න බෑ.

මේ වන විටත් අපි බොහෝ වශයෙන් මෙම රෝග ව්‍යාප්තිය පාලනය කොට තිබෙන නිසා රට හෝ පළාත් වසා දැමීමක් මේ මොහොතේ අවශ්‍ය වන්නේ නෑ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද කොවිඩ් මර්දන විශේෂ කාර්ය සධක බළකාය කැඳවා රෝග පාලනය සඳහා අවශ්‍ය සියලු උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සෞඛ්‍ය අංශ හා අදාළ සියලුම දෙනා රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගෙන තිබෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ විවිධ කටකතා සම්බන්ධයෙන් ජනතාව බිය විය යුතු නැහැ. යනුවෙන්ද පැවැසීය.
මුලාශ්‍රය – අද දෙරණ