දේශපාලකයන්ට පක්ෂපාතිවු මිගමු කොමසාරිස්වරිය ඇන ගනී ?

0
48

NGB-commisionar-1දේශපාලකයන්ගේ උවමනාව පරිදි මහනගර සභාවේ සුපවයිසර්වරයෙකු කම්කරු තනතුරක් දක්වා පහල දැමිමට කටයුතු කල මීගමුවේ තුන්වෙනි පංතියේ නාගරික කොමසාරිස්වරිය දැන් හොද පාඩමක් ඉගෙන ගෙන තිබේ.එනම් ඇය විසින් කරන්නට යෙදුන නීති විරෝධි ක්‍රියාවට එරෙහිව ඉහලින්ම ක්‍රියාත්මකවි අදාල සේවකයා යළි සේවයේ පිහිටුවන ලෙස නියෝග ලබා දි තිබිමයි.මෙසේ අදාල තැනැත්තාව තනතුරු පහල හෙළිමකට ලක්කර තිබුනේ පොහොට්ටුවේම වෙනත් දේශපාලකයෙකුට සහය පළකරතිබිම නිසාය.දයාන් ලංසා නම් නගරාධිපතිවරයා දැන් කටයුතු කරන්නේ මිගමුව මහනගර සභාව යනු ලංසා පවුලේ බූදලයක් යැයි සිතාය.නමට පමණක් වෛද්‍යවරයෙකු වු එහෙත් බෙහෙත් නොදෙන දුරකතන පක්ෂයේ වෛද්‍ය කාවින්ද ජයවර්ධන ලංසා පවුලේ මේ අක්‍රමිකතා වලට එරෙහිව කිසිදා මීක් වත් කිවේ නැත.ඒනිසාම ලංසා සහෝදරයන් හිතේ හැටියට මීගමුව මංකොල්ල කෑවේය.