කන්දකාඩු පොකුරෙන් ආසාදිතයන් 560 ක් !

0
111

kandakadu_1-697x394අද (20) උදෑසන වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හට ගත් පොකුරෙන්, කොවිඩ් 19 ආසාදිතයින් 560 දෙනෙක් වාර්තා වේ.කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඉන් පුද්ගලයින් 451ක් පුනරුත්ථාපන වන රැඳවියන් වේ.

පුද්ගලයින් 63ක් කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයින් ද, ආරාධිත කාර්ය මණ්ඩලයට අයත් පුද්ගලයින් 5ක් සහ ළඟින් ඇසුරු කළ පුද්ගලයින් 41 ක් ද මේ අතර සිටී.මේ අතර, අද උදෑසන QR 668 දරණ මගී ගුවන් යානයෙන් දෝහා සිට පුද්ගලයින් 10ක් මෙරටට රැගෙනවිත් තිබේ.එම පුද්ගලයින් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය සඳහා යොමු කර ඇත.

අද දිනය තුළ කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 6ක් නිරෝධායනය අවසන් කර පිට ව යෑමට නියමිතව තිබේ.

ඒ අනුව අද වනවිට නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිට ව ගොස් ඇති සමස්ත පුද්ගලයින් ගණන 24,203කි.මේ අතර, ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 53ක පුද්ගලයින් 6,052ක් මේ වනවිට නිරෝධායනය වෙමින් සිටී.ඊයේ (19) දිනය තුළ පීසීආර් පරීක්ෂණ 1070ක් සිදු කර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ත පීසීආර් සංඛ්‍යාව 137,407කි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් 20න් 16ක් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව, මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2724 කි.
(අද දෙරණ )