ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ආචාර්යවරයකු කොරෝනා බව තහවුරු වීමෙන් පසුව ඔහුගේ ආශ්‍රිතයින් 154 කට පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ අතර එම වාර්තා අනුව එම කිසිවෙකුටත් වයිරසය ආසාදනය වී නොමැති බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කර තිබේ.එහි වැඩිදුරටත් සදහන් වන්නේ භෞතික විද්‍යා විෂය ඉගැන්වීම සිදු කරන එම ආචාර්යවරයාගේ ඥාතියකු කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නන් පුනරුත්ථාපනය කෙරෙන මධ්‍යස්ථානය වෙත ගොස් ඇති අතර ඔහු මාර්ගයෙන් ආචාර්යවරයාට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයෙන් ප්‍රතිකාර පිණිස යොමු කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කියා ඇති බවය.
එම ආචාර්යවරයා උපකාරක පන්ති පවත්වා ඇති බැවින් එම ආශ්‍රිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 102 ක් නිරෝධායනයට යොමු කර ලබා ගත් පී.සී.ආර් පරීක්ෂණ සහ ඉන්පසුව තවත් ආශ්‍රිතයින් 52 දෙනෙකුගෙන් පෙරේදා (20) ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ අනුව එම කිසිවෙකුටත් වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී යැයි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
දැනට කොරෝනා වෛරසය පැතිර යන ආකාරය ගැන සලකා බැලිමේදි ගුරුවරයෙකුට පවා එය වැළදි තවත් අය අතරට එය පැතිර යාමේ අවදානම ගැන ගම්පහ සිදුවිම කල් ඇතිව කරනු ලැබ ඇති අනතුරු ඇගවිමකි.