අනුරාධපුර, තලාව කුමාරඑළිය ප්‍රදේශයේ දී වන අලියෙක් පහර දීමෙන් හත්දරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (21) පාන්දර 4.30ට පමණ මෙම කාන්තාවට අලියා පහර දී ඇත.
පහරදීමෙන් එම කාන්තාවගේ කකුල්වලට බරපතළ තුවාල සිදුව ඇති අතර, තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ..
මේ අතර, සූරියවැව වැලිවැව ප්‍රදේශයේ වන අලියෙකු පහරදීමෙන් දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.මෙසේ මියගොස් ඇත්තේ පන්සල අසළ, වැලිවැව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 42ක පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා වන අලි කළමනාකරණ රක්ෂිතය තුළට ගොස් ඇති අතර, එහිදී වන අලි පහර දීමට ලක්ව තිබේ.
එසේම පසුගිය 20 වනදා වන අලියෙකු පහරදීම නිසා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කළ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අද (20) දහවල් මියගොස් තිබුණි.
මෙලෙස මියගොස් තිබුනේ යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චි මණ්ඩපයේ තාක්ෂණ අංශයේ සේවය කරනු ලබන කථිකාචාර්යවරියකි.
ඇය 32 හැවිරිදි වියේ පසුවුු කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරිණියකි. එම කථිකාචාර්යවරිය තවත් තමන් සමග සේවය කරන අයෙක් සමග අසල විහාරස්ථානයක බුදුන් වැදීමට ගොස් ආපසු විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක් වෙත යමින් සිටියදී මහා මාර්ගයේ සිටි වන අලියා ඇයට පහර දීමෙන් පසු කිලිනොච්චිය රෝහලටත් පසුව යාපනය ශික්ෂණ රෝහලටත් ඇතුලත් කර තිබුණද දිවි බේරාගැනිමට නොහැකිවිය.