ගම්පහ දිස්ත්‍රික්කය තුල දේශපාලනික තනිවි ඇති බව ලංසා ප්‍රසිද්ධියේ පිළිගනියි !

0
148

IMG-56a8424c6054a4e0ee9fc21a4e938f5b-Vඅප මිට පෙර අවස්ථා කිපයදිම හෙළිදරව් කර සිටි පරිදි නිමල් ලංසා මේ වන විට  ගම්පහ දිස්ත්‍රික්කය තුල දේශපාලනික තනිවි ඇති බව පිළිගනි.ඒ ඊයේ පෙරියමුල්ල ප්‍රදේශයේ පැවැති රැස්විමකදිය.
එහි රැස්ව සිටි සුළු පිරිසක් අමතමින් ඔහු කියා තිබුනේ තමන්ට ගම්පහ දිස්ත්‍රික්කයේ කිසිවෙකුත් වැඩක් නැති බවත් ප්‍රසන්න රණතුංග පමණක් ඇති බවත්ය.
ඉන් කියැවෙන්නේ කුමක්ද ?
ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම අපෙක්ෂක අපෙක්ෂිකාවන් නිමල් ලංසා සමගින් හොද සම්බන්ධයක් නැති බව නොවේද?
මට කව්රුත් වැඩක් නැ යැයි යමෙකු කියන්නේ නම් ඒ ඔහු හා එසේ කියන අනික් අය අතර විරසකයක් පවතින බවය.
අරුමය වන්නේ නිමල් ලංසාට ප්‍රසන්න විතරක් ඇති යැයි කියන ලංසාට අමතක කරන්නට කැමැති එක යථාර්ථයක් ඇත.,එනම් ප්‍රසන්න රණතුංග දිස්ත්‍රික්කය පුරාම කියන විෂබිජ නම් එවන්න එපා යන ප්‍රකාශයත් ,මෛත්‍රිට ගෑවුණු එකෙක්ට මනාපයක් දෙන්න එපා යැයි කියන ප්‍රකාශයත්ය.
නිමල් ලංසා එය නෑසු කන්ව සිටී.
සැබෑව නම් ප්‍රසන්න රණතුංග  ඉතා පැහැදිලිව එසේ කියන්නේ නිමල් ලංසා ඉලක්ක කරගෙන බවය.
මිගමුවේදි ප්‍රසන්ණට ලබාගත යුතු මනාපය වෙනුවෙන් ඔහු පසුගිය දිනවල නිමල් ලංසාට ධිවර ඇමැති කම ලැබෙන බව කිවද පසුව කියා තිබුනේ රාජ්‍ය ඇමැතිකමක් ලැබෙන බවය.
දැන් මේ ගෙවි යමින් ඇත්තේ අවසන් සතියයි.
මේ සතියේ අගදි ප්‍රසන්ණ කියන්නට යන්නේ කුමක්දැයි අප බලා සිටින්නෙමු.
කෙසේ වෙතත් මුළු දිස්ත්‍රික්කයක්ම තරහ කර ගත් ලංසාගේ පැහැදිලි අදෝනාව ඊයේ පෙරියමුල්ලේ ජනයාද හොද හැටි තේරුම් ගෙන තිබුණි.
ඉතින් ගම්පහ අනිකුත් අපෙක්ෂකයන් තරහ කරගත් නිමල් වැනි අයෙකු වටේ පෙළගැස්සෙන්නේ  ඔළුවේ අමාරුවක්  ඇති අය මිස නිරෝගි අයනම් නොවන බව පැහැදිලිය.