මීගමුව මෙන්ම මිගමු බන්ධනාගාරයත් ප්‍රධාන කුඩු තිප්පොළක් ? තවත් මත්ද්‍රව්‍ය ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි !

0
523

NGB prisonපසුගිය කාලය තුල ලංකාව තුල වැඩිම කථාබහකට ලක්වු මත්ද්‍රව්‍ය පිළිබදව අංක 1 කට පැමිණි නගරය වි තිබුනේ මිගමුවයි.
කුඩු වලට ප්‍රකට දේශපාලකයන්ගේ නම් ගෑවුණු නගරය වි තිබුනේ ද මිගමුවයි. එහි ප්‍රධාන පෙළේ දේශපාලකයෙකුගේ නමට රටම දන්න විශේෂණ පදයක්ද එක්ව තිබුණි.
මේ අනුව පසුගිය කාලය පුරාම මිගමුවේ ස්ථාන ගණනාවකින් කුඩු ජාවාරම්කරුවන් හෙළිව තිබුන අතර මිගමුව බන්ධනගාරය මේ අතර ප්‍රධාන තැනක් ගෙන තිබුණි.
දැන් තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ගැන තොරතුරු හෙළිව තිබේ.

රුපියල් ලක්ෂ 10 කට ආසන්න හෙරොයින් තොගයක් සමග සැකකරුවකු පුත්තලම ජේපි පටුමග ප්‍රදේශයේදී පුත්තලම කොඨඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිළධාරින් විසින් අද (29) අලුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසන බව ada.lk වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අවුරුදු 25 වයසේ පසුවෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුට හොරෝයින් ලබා දිමේ ජාවාරම මෙහෙයවා ඇත්තේ මේ වන විට මිනි මැරුම් චෝදනාවකට මිගමුව බන්ධනාගාරයේ රදවා සිටින රැදවියකු බව මේ වන විට කට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය අනාවරණය කරගෙන තිබේ.

මීගමුව බන්ධනාගාරය තුළ සිට කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුව ඇති බවත් අදාළ රැදවියා බන්ධනාගාරය තුළ ජංගම දුරකථන මාර්ගයෙන් මෙම ජාවාරම මෙහෙයවා ඇති බව කියයි.

කොඨඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය අදාල සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී බන්ධනාගාරයේ සිට ජාවාරමට සම්බන්ධ රැදවියා මෙම සැකකරුට දුරකථනයෙන් කථා කර ඇති බව කියයි..
මුලාශ්‍රය – ada.lk