මැතිවරණ ප්රචාරක කටයුතු ඊයේ රාත්‍රියෙන් අවසන් විය.අද නිහඬ කාලයකි.දැන් වැඩිම කතා බහ ඇත්තේ ගම්පහ මනාප සටනේ පෙරමුණේ සිටින අය ගැනය.මේ සම්බන්ධයෙන් මිපුරට සම්බන්ධ ප්‍රාදේශීය මාධ්‍යවේදින් සහ පුරවැසි මාධ්‍යවේදින් සම්බන්ධ කරගනිමින් සිදුකරන්නට යෙදුන විමර්ශනයකදි හෙළිව තිබුනේ පොහොට්ටුවෙි ඉදිරියෙන්ම සිටින තිදෙනා ලෙස ප්‍රසන්න රණතුංග,ඉන්දික අනුරුද්ධ සහ නාලක ගොඩහේවා සිටින බවය.
සමඟි ජන බලවේගයේ රංජන් රාමනායක,හර්ෂණ රාජකරුණා ,විජිත් විජයමුණි සොයිසාත්,එජාපයෙන් අර්ජුන රණතුංග ,රුවන් විජේවර්ධන ,කිත්සිරි මංචනායක,සහ ජවිපෙන් විජිත හේරත් සිටින බවය.
මේ වන විට දැවැන්ත මුදල් සම්බාරයක් මැතිවරණය වෙනුවෙන් වැයකල නිමල් ලංසා මේ වන විට මනාප සටන තුල වේගයෙන් පසුබැස ගොස් තිබෙන බව ප්‍රදේශ රැසකින් ලැබෙන තොරතුරු වලින් කියැවේ .
මිට පෙර මනාප සටනේ අංක 2 එන බව කියු නිමල් ලංසා දැන් සිටින්නේ කෙසේ හෝ මන්ත්‍රීවරයෙකු වීමේ දැවැන්ත අරගලයකය.