ලොහාන්ගේ ඇමතිකම නිමල් ලංසා අරන් ?

0
102

indexමැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමතිවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා එම අමාත්‍යංශයේ දී ඊයේ දිනයේ වැඩ භාර ගත්තේය.

එහිදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ තමන් බලාපොරොත්තු වූයේ මහමාර්ග රාජ්‍ය අමාත්‍ය ධූරය බවයි.

නමුත් එය ගැටලුවක් කර නොගෙන තමන් ට ලැබුණු වගකීම නිසි ලෙස ඉටු කරන බව ද ඔහු සඳහන් කළේය.

ඒ මහතා රාජ්‍ය ඇමතිවරයෙක් ලෙස දිවුරුම්දුන් අවස්ථාවෙන් පසු ජනාධිපතිවරයා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී නොසිට පිටත් ව ගොස් තිබිණ.
ග්‍රාමිය මාර්ග පිලිබදව රාජ්‍ය ඇමතිධුරය ලබාගෙන තිබුනේ නිමල් ලංසා විසිනි.
2015 කලින් පැවැති රාජපක්ෂ රජයේ පළාත් ඇමතිවරයෙකු ලෙස නිමල් ලංසා පළාත් මාර්ග පිළිබද ඇමතිධුරයද හොබවන ලද අතර එහිදි බැසිල් නිමල් සුසංයෝගය මුලු රටේම පාරවල් හැදිමේ කොන්ත්‍රාත්තුව රැගෙන ප්‍රකෝටි ගණනින් මුදල් හම්බකළ බව රටටම ප්‍රසිද්ධ රහසක් විය.