ගම්පහ රෝහලේ මුදල් සොරකම් කිරිමේ ඡාවාරමේ යෙදුණු කතක් අත්අඩංගුවට…

0
202
 court

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පැමිණෙන රෝගීන් සහ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට පැමිණෙන්නන්ගේ මුදල් සොරාගත් බව කියන 55 වියැති කාන්තාවක්  අල්ලා පොලීසියට භාරදීමට පියවර ගෙන  ඇතැයි අද වෙබ් අඩවිය විසින් වාර්ථා කොට තිබේ

රෝහලෙහි විදුලි සෝපානයෙන් වාට්ටු සහ ප්‍රතිකාර ඒකක වෙත යන එන රෝගීන් සහ රෝගීන් බැලීමට පැමිණෙන්නන්ගේ මුදල් පසුම්බි නැතිවීම දිගු කලෙක පටන් සිදුව ඇති බැවින් මේ පිළිබඳව විමසිල්ලෙන් බලා සිටි රෝහලෙහි ආරක්ෂක නිලධාරිනියක් විසින් මෙම කාන්තාව කොටුකර ගැනීමට සමත්ව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසු බව තවදුරටත් එහි සඳහන්ය

රෝගීන් සහ රෝගීන් බැලීමට එන තැනැත්තන් විදුලි සෝපානයෙන් ගමන් ගැනීමේදී අධික ලෙස තෙරපෙන අවස්ථාවන් බලා සිට මුදල් සොරා ගැනීම සිදු කොට ඇති බව හෙළිව ඇත.

මෙම තැනැත්තිය ගම්පහ පොලීසියට බාරදීමට පියවර ගෙන ඇති අතර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කොට සිටියේ ඇය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවය.
මේ අතර පසුගිය කාලයේ මීගමුව රෝහලේද විවිධ අවස්ථාවලදි මුදල් සොරකම් කිරිම්, වාර්ථා වි තිබුන අතර රෝහල් කාර්ය මණ්ඩලයට මේ අකරතැබ්බයට අවස්ථා කිපයකදිම මුහුණ දි තිබුණි.
මුලාශ්‍රය – ada.lk