නගරාන්තර දුම්රිය දෙකක් නවතී

0
131

train1-825x412

මගී ගමනාගමනය අවමවීම හේතුවන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දෙනුවර මැණිකේ සහ කොළඹ සිට යාපනය බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන් දෙක තාවකාලිකව නතර කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සදහන් කළේ සතියේ දිනවල බදුල්ල සහ යාපනය ඇතුළු දුරගමන් සේවාවල මගීන් අඩු සංඛ්‍යාවක් ගමන් කිරීම හේතුවෙන් අධික පාඩුවක් දැරීමට සිදුවන ඇති බවයි.

එම දුම්රියන් දෙක ලබන සැප්තැම්බර් මස 15වනදා පසු සති අන්තයේදී පමණක් ධාවනය එක්කිරීමට තීරණය කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සදහන් කළේය.
( අරුණ )